ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය ජායාරූප උළෙල අගෝස්තු 19 දා

    ජූනි 02, 2016
    ලෝක ජායාරූප දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද රාජ්‍ය ජායාරූප උළෙල අගෝස්තු 19 දා ප.ව.4.00 ට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වේ.
    ජායාරූප ප්‍රදර්ශනය අගෝස්තු 19 සිට අගෝස්තු 21 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ජායාරූප තරඟය සදහා නිර්මාණ භාර ගන්නා අවසාන දිනය ජුනි මස 15 වන දින දක්වා දීර්ඝ කර ඇති බව අභ්‍යන්තර කටයුතු ,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා පවසයි.
     
    ඒ මහතා මේ බව අනාවරණය කළේ ඒ පිළිබද සංස්කෘතික අමාත්‍යංශයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදීය.
     
    ජායාරූප කලාවේ ප්‍රවර්ධනය හා අභිවෘද්ධිය උදෙසා රාජ්‍ය මැදිහත්වීමක් තුළින් රාජ්‍ය සම්මාන උළෙලක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. ජායාරූප ශිල්පය ගුණාත්මක මාධ්‍යයක් ලෙස පවත්වා ගෙන යාම හා රාජ්‍ය මට්ටමින් ජායාරූපකරණය සදහා නිසි වෘත්තීය වටිනාකමක් ලබාදීම මෙහි අරමුණු බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. 
     
    මෙම ජායාරූප තරඟයෙන් ජයග්‍රහණය කරනු ලබන ජායාරූප ද ඇතුලත්ව තරගය සදහා ලැබුණු හොඳම ජායාරූප100 ක් පමණ ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
     
    ජීවන රටා සහ සංස්කෘතික, සොබා දහම ,වන ජීවී සහ භූමි දර්ශන ,මාධ්‍ය, ප්‍රවෘත්ති සහ ක්‍රීඩා ,මංගල අවස්ථා සහ වෙනත් ඕනෑම තේමාවක් යටතේ ජායාරූප මේ සදහා එවිය හැකිය.
     
    මෙම ජායාරූප උළෙලේ කොන්දේසි හා අයදුම්පත් www.culturaldept.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර වැඩි විස්තර 0112872030 දුරකථනයෙන් විමසිය හැකිය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya