ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    බස්නාහිර ඉඩම් ගොඩකිරීමට ලබාදුන් අනුමැතියන් වහාම අත්හිටුවයි Featured

    ජූනි 03, 2016

    බස්නාහිර පළාතේ කිසිදු ඉඩම් ගොඩකිරීමකට ඉඩ නොතැබීමට පසුගියදා රජය ගත් තීරණය කි‍්‍රයාත්මක කිරීමේ දී එල්ලවන කිසිදු බලපෑමකට යටත් නොවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.

    එහිදී සෘජු තීන්දු තීරණ ගන්නා නිලධාරින් වෙනුවෙන් තමා නිරන්තරයෙන් පෙනී සිටින බව ද අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් දැනටමත් යම් බලපෑමක් එල්ල වී තිබේනම් නොපැකිලිව තමා දැනුවත් කරන ලෙස ද නිලධාරින්ට පැවසීය.

    මීට පෙර පළාතේ ඉඩම් ගොඩකිරිම් සඳහා ලබාදී තිබු සියලු අනුමැතියන් ද වහාම අත්හිටුවන ලෙස ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (02) පස්වරුවේ වේයන්ගොඩ සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවති ගම්පහ දිස්ති‍්‍රක් විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

    පසුගියදා සිදුවු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් දිස්ති‍්‍රක්කයේ ජනතාව වෙනුවෙන් සහන සැලසීමට ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසූ ජනාධිපතිතුමා කිසිදු අඩුපාඩුවකින් තොරව එම කටයුතු ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ද උපදෙස් දුන්නේය.

    පසුගියදා ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වයන් සමග ගම්පහ දිස්ති‍්‍රක්කයේ ජනතාවටද ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවූයේ දිස්ති‍්‍රක්කය තුළ සීමාවකින් තොරව සිදු කෙරුණු ඉඩම් ගොඩකිරීම් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී එවැනි තත්ත්වයන් පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වීමේ අවශ්‍යතාවය ද පැහැදිළි කළේය.

    ඇළ වේලි අඛණ්ඩව නඩත්තු කිරීමේ නිසි ක‍්‍රමවේදයක් නොමැති කමද ප‍්‍රධාන හේතුවක් වී තිබෙන අතර ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන ලෙස ද උපදෙස් දුන්නේය.

    හානියට පත් නිවාස සහ පාසල් ගොඩනැගිලි නැවත ගොඩනැගීමට කි‍්‍රයාත්මක වැඩපිළිවෙළ පිළිබඳව ද කරුණු විමසූ ජනාධිපතිතුමා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන ලෙස උපදෙස් දුන්නේය.

    විනාශ වී ගිය ඇළ වේලි නැවත ප‍්‍රතිසංස්කරණ කිරීම මෙන්ම අඩාල වූ ජීවනෝපාය මාර්ග නැවත නගා සිටුවීමට කි‍්‍රයාත්මක වැඩපිළිවෙළ පිළිබඳව ද කරුණු සාකච්ඡුා විය.

    මේ අතර දිස්ති‍්‍රක්කයේ බරපතල ගැටලුවක් වී ඇති කසළ කළමනාකරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    දිස්ති‍්‍රක්කයේ දැනට කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය මෙන්ම ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබඳවද සාකච්ඡාවට ලක් කෙරිණි.

    පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, අර්ජුන රණතුංග, ෆයිසර් මුස්තාෆා, සරත් ෆෝන්සේකා, රාජ්‍ය අමාත්‍යවරුන් වන රුවන් විජේවර්ධන, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මානම්පෙරුම යන මහත්ම මහත්මීන් ඇතුළු පළාතේ මැති ඇමතිවරු ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ගම්පහ දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරිහු මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya