ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නැඟෙනහිර කලාපයෙන් ජාතික ආදායමට සියයට 10%ක්

    ජූනි 11, 2016

    නැඟෙනහිර කලාපයෙන් ජාතික ආදායමට සියයට 10%ක් ලබාදෙන්න බලාපොරොත්තු වන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය  දයා ගමගේ මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරය ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහත ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමිනි.


    යුද්ධයෙන් පසුව පැවැති ආණ්ඩුවට යුද්ධයෙන් විනාශ වූ දේපළ ආර්ථිකය නැවත ගොඩනගන්නට හැකියාව තිබේ යැයි ජනතාව විශ්වාස කළා. එදා කළේ අවශ්‍ය දේවල් නොවේ. හෝටල් හදන්න පටන් ගත්තා.

    ගිය වසර දහය තුළ රාජපක්ෂ ආණ්ඩුව ගෙවල් හදල තියෙන්නේ, 5889යි. අපි 2015 ගෙවල් 2861ක් හා වසර 2016 අපි ඉලක්ක කරනවා, ගෙවල් 6500ක  හදලා අවසන් කරන්න. අපි නිවාස 60,000 වසර 2020 සාදා අවසන් කරන්නට වැඩපිළිවෙලක් සකස් කරන්න  බලාපොරොත්තු වෙනවා.

     

    මිලියන 263ක් මේ වසරේ මුදල් ලැබී තිබෙනවා,නැවත පදිංචි ජනතාවට සහන සළසන්න.නැඟෙනහිර පළාතේ, උතුරු පළාතේ අවුරුදු 30ක යුද්ධයකින් ජනතවගේ නැති වූ ආර්ථිකය නැවත ගොඩනගන වැඩපිළිවෙලක් බලාපොරොත්තු වෙනවා.

    උතුරේ  යාපනය ,කිළිනොච්චි ,වව්නියාව ප්‍රදේශවල මත්ස්‍ය කලාප දහයෙන් කලාප 02ක් ස්ථාපිත කරන්නට වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.  මේ වසරේ ම එය ස්ථාපිත කරනවා. කෘෂි කලාප පහක් ස්ථපිත කරන්නට බලපොරොත්තු වෙනවා. උතුරේ යාපනය ප්‍රදේශයේ,අම්පාර දිස්ත්‍රික්කයේත් දෙහි අත්තකණ්ඩිය,මහඔය,මේ ප්‍රදේශවල කර්මාන්ත කලාප අති කරන්නට බලපොරොත්තු වෙනවා.ඔලුවිල් වරාය කේද්‍රස්ථානය කරගෙන,ධීවර වරායක් පිහිටුවන්නත් සංචාරක ව්‍යාපරය සම්බන්ධ කෘෂි අධි කලාපයක් පිහිටුවන්නත්  බලාපොරොත්තු වෙනවා.  සංවර්ධන සැලසුම් විශල ප්‍රමයක් ක්‍රියාත්මක කරනවා.නැඟෙනහිර කලාපයෙන් ජාතික ආදායමට සියයට 10%ක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya