ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කරගැනීමට හැකි වුණේ සාමූහිකව කටයුතු කළ නිසයි- කෝටි 1600ක මසුන් ලබන මාසයේ සිට විදේශයට

    ජූනි 11, 2016

    ශ්‍රී ලංකාව ආසියාවේ දියුණු රටක් බවට පත් කරන්න සැවොම අත්වැල් බැදගෙන කටයුතු කරමු. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කරගැනීමට හැකි වුණේ සාමූහිකව කටයුතු කළ නිසා යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.


    යුරෝපා මත්ස්‍ය තහනම පැනවීමට යම් යම් දේශපාලන හේතු තිබුණා. මේ ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාම නිසයි, අපට ඒවා ඉවත් කරගැනීමට හැකි වුණේ.සාමූහිකව කටයුතු කළ නිසාමත්ස්‍ය තහනම ඉවත් කර ගන්නට හැකි වුණා.

     

    කෝටි 1600ක මසුන් ලබන මාසයේ සිට රට යන්න පටන් ගන්නවා.මේක ලැබෙන්නේ මට නොවෙයි රටටයි. ජී.එස්.පී. සහනය අපේ රටට ලබාගන්න හැකි වෙනවා.මේ සහනය ලබෙන්නේ ශ්‍රී ලංකා කාරයාටද? යූ.එන්.පී.කාරයටද? නෑ.මුළු රටක් ලෙසයි ලබෙන්නේ.

    මේ වැඩපිළිවෙල ද?  කඩාකප්පල් කරන්න අවශ්‍ය. අපි ජිනීවා ගැන විදුලි පුටු ගැන කතා කළා. ජාත්‍යන්තර යුද අධිකරණ ගැන කතා කළා.ඒවා අපිට සමනය කරගන්න හැකියාව ලබුණේ,ජනාධිපතිතුමා, ජාතික ආන්ඩුව කෙරෙහි ජාත්‍යන්තරය ඇති කරගත් විශ්වාසය නිසයි. මේවා අරාජික කර  රට ආපස්සට ගෙනයන්නද හදන්නේ, කියා ප්‍රශ්න කළ යුතුයි යැයි ද අමත්‍ය මහින්ද අමරවීර මහතා පැවසී ය.

    අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග විවාදයකට එක්වෙමින් මේ බව පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya