ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ - හැටන් ප‍්‍රධාන මාර්ගයේ අවදානම් තත්ත්වය අවසන්

    ජූනි 18, 2016

    ආපදාවන් සමඟ ඇති වූ නායයාමේ අවධානම් තත්ත්වයකට පත් වූ කොළඹ හැටන් ප‍්‍රධාන මාර්ගයේ එම තත්ත්වය අවසන් වී තිබෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

     එම එක්තරා තැනකින් නායයාමට ලක් වූ එබැවින් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ඒ මාර්ගය අවදානම් සහිත මාර්ගයක් බවට නම් කෙරිණි.

     

    එම ආයතනය ඊයේ වන වටි දැනුම් දී තිබෙන්නේ එම මාර්ගය කිසිඳු අවදානමකින් තොරව භාවිතා කළහැකි බවයි.

     

    කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ව්‍යසනයන්ට ලක්ව අවතැන්වූවන් වෙනුවෙන් සහන සැලසිම සඳහා කෑගල්ල දිස්ත‍්‍රික්  ලේකම් කාර්යාලයේ  පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ඊයේ (17) සඳහන් කළේය.

     

    "මෙම ආපදා තත්ත්වය විශාල සංකීර්ණ තත්ත්වයක්. මේකට විසඳුම් සොයන්නේ කොහොමද කියලා කාටවත්ම අත්දැකීම් නැහැ. ප‍්‍රථම වශයෙන් ක්ෂණික විසඳම් හැටියට පිසූ ආහාර පාර්සලයේ සිටම අපි මැදිහත් වුණා. ජනාධිපතිතුමා විසින් ආපදා කළමණාකරන කමිටුවක් පිහිටෙව්වා මේ සඳහ විසඳුම් සොයන්න. ආපදාවන්ට ලක්වූවන්ගේ මානසිකත්වය ගැනත් අපි සැලකිය යුතුයි. මේක එක රැයකින් විසඳන්න පුළුවන්  ප‍්‍රශ්නයක් නොවෙයි. නමුත් අපි මේ ප‍්‍රශ්නය විසඳන්න කිසිඳු භේයකින් තොරව කැප වෙනවා. ආපදාවන්ට ලක්වූ අපේ සහෝදරවරුන් තේරුම්ගත යුතුයි මේ පීඩනයෙන් ප‍්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න කොටසකුත් මේ අතර ඉන්න බව. ඔවුන්ව හඳුනාගැනීමේ වගකීම තමන් සතුවිය යුතුයි" යැයි අද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

    මෙම අවස්ථාවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya