ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් වෙයි Featured

    ජූනි 17, 2016

    යුරෝපීය කවුන්සිලය විසින් පනවා තිබූ මත්ස්‍ය තහනම ඊයේ සිට ඉවත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    අරලියගහ මන්දිරයේ අද (17) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් අගමැතිවරයා ප්‍රකාශ කළේ එම වාර්තාව යුරෝපා කවුන්සිල් රැස්වීම් වාර්තාවට ද ඇතුළත් වී තිබෙන බවයි.

     

    මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසු යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීමට කටයුතු කරන බවට  පසුගිය ජනාධිපතිවරණයේදී වූ පොරොන්දුව මේ වන විට ඉටු කර තිබෙන බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

     

    ජනාධිපතිවරයා ජයග්‍රහණය කළ කාලයේ සිටම මෙම යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීමට කටයුතු කළ බවත් මෙම තහනම හේතුවෙන් යුරෝපයට සිදු කළ මත්ස්‍ය අපනයන අවස්ථා සම්පූර්ණයෙන් නතර වී තිබුණු බවත් අගමැතිවරයා සඳහන් කළේය.

     

    තව ද නීති විරෝධි ධීවර ව්‍යාපාරයට විරුද්ධව ගෙන යන වැඩසටහනට සහයෝගය නොදෙන රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබුණු බවත් රජය මෙම මත්ස්‍ය තහනම  ඉවත් කිරීමට සිදු කළ වැඩපිළිවෙළ තුළ නීති විරෝධි ධීවර ව්‍යාපාරයට සහයෝගය දෙන රටක් ලෙස මේ වන විට වාර්තා වී තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    මෙම මත්ස්‍ය තහනම ඉවත් කිරීමෙන් මත්ස්‍ය ආනයනය වැඩි වීම හේතුවෙන් ධීවරයින් අතට වැඩි මුදලක් ලැබෙන බව ද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya