ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කොත්මලේ මහවැලි මහා සෑය විවෘත කිරීම ජනපති ප‍්‍රධානත්වයෙන් Featured

    ජූනි 21, 2016
    කොත්මලේ මහවැලි මහා සෑය සැදැහැවත් ජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා විවෘත කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
    ශී‍්‍ර ලංකාවේ විශාලතම සංවර්ධන යෝජනා ක‍්‍රමය වන මහවැලි යෝජනා ක‍්‍රමය යටතේ කොත්මලේ ජලාශය ඉස්මත්තේ කොත්මලේ මහා සෑය නිර්මාණය කර තිබේ. උසින් අඩි 289 ක් වන මහවැලි මහා සෑය විශාලත්වයෙන් දෙවැනි වන්නේ අනුරාධපුර රුවන්වැලි මහාසෑයට පමණි.
     
    කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී යට වූ පැරණි විහාරස්ථාන සහ ඒ වෙනුවෙන් දේපළ පරිත්‍යාග කළ ජනතාව සිහිපත් කිරීම සඳහා හිටපු මහවැලි සංවර්ධන අමාත්‍ය දිවංගත ගාමිණී දිසානායක මහතාගේ සංකල්පයක් මත මෙය ඉදිකර තිබේ.
     
    හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 1983 වසරේදී මේ සඳහා මුල් ගල් තැබුණු අතර එය අද ජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා විවෘත වන්නේ පුරා වසර තිස් තුනකට පසුවය.
     
    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මේ රටේ පළමු විධායක ජනාධිපතිවරයා මුල් ගල් තැබූ චෛත්‍ය රාජයාණන් වහන්සේ 06 වෙනි ජනාධිපතිවරයා ලෙස තමාට විවෘත කිරීමට ලැබීම පිළිබඳ සතුටු වනවා සේම මෙහි වැඩ අවසන් කිරීමට මෙතරම් කාලයක් ගතවීම පිළිබඳ කනගාටුවන බවයි.
     
    ගාමිණී දිසානායක මහතා ආරම්භ කළ මෙම කාර්යය අවසන් කිරීමට කැපවූ අමාත්‍ය නවීන් දිසානායක මහතා ඇතුළු පවුලේ සැම වෙතත්, මහවැලි මහා සෑය විහාරාධිපති පූජ්‍ය තිස්පනේ ජිනානන්ද නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය වෙතත් ජනාධිපතිතුමා මෙහිදී සිය ගෞරවනීය ස්තූතිය පුද කර සිටියේය.
     
    මහවැලි මහා සෑයට ප‍්‍රථම පුෂ්පෝපහාරය දැක්වූ ජනාධිපතිතුමා එය ජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා විවෘත කළ අතර සමරු ඵලකය ද ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි.
     
    මහවැලි මහා සෑය නිර්මාණය කිරීමට දායක වූවන් වෙත තිළිණ ප‍්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර මහවැලි මහා සෑය විහාරාධිපති පූජ්‍ය තිස්පනේ ජිනානන්ද නායක ස්වාමින් වහන්සේට මෙන්ම ගාමිණි දිසානායක පදනමේ සභාපතිනි ශී‍්‍රමා දිසානායක මහත්මිය සහ සිවිල් ඉංජිනේරු ඒ.එන්.එස්. කුලසිංහ මහතා ඇතුළු දස දෙනෙකු වෙත උපහාර තිළිණ ප‍්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    මහවැලි සංස්කෘතික භාරයේ සභාපති අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.
     
    සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ, ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක පූජ්‍ය නාපානේ පේමසිරි නායක ස්වාමින් වහන්සේ, කෝට්ටේ ශී‍්‍ර කළ්‍යානි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය තිනියාවල පාලිත නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසුරිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya