ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ළමා ශ්‍රම විරෝධී දින සැමරුම් උළෙල අද

    ජූනි 22, 2016
    ලෝක ළමා ශ්‍රම විරෝධී  දින සැමරුම් උළෙල අද පෙ.ව. 10.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
    2010 මැයි මස නෙදර්ලන්තයේ හේග් නගරයේ පැවති ළමා ශ්‍රමය පිළිබද ගෝලීය සම්මන්ත්‍රණයේදී  අනතුරුදායක ළමා ශ්‍රම යෙදවුම් 2016 වසර අවසාන වන විට ශුන්‍යත්වයට පත්කළ යුතු බවට යෝජනාවක් සම්මත කරන ලදී.  අද  පැවැත්වෙන ජාතික සමුළුවේදී ජනාධිපතිවරයා  විසින්  2016 වසර අවසාන වන විට ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රමය තුරන් කිරීමේ ප්‍රතිඥාව සදහා අත්සන් තැබීමටද නියමිතය.
     
    මෙවර ලෝක ළමා ශ්‍රම විරෝධී දිනයේ තේමාව වනුයේ "නිෂ්පාදන දාමයේ වෙනසක් තුළින් ළමා ශ්‍රමය තුරන් කිරීම" යන්නයි. 
     
    අවුරුදු 14 ට අඩු ළමයෙකු  කිසිදු රැකියාවක යොදවා නොගත යුතු අතර අවුරැදු 14 ට වැඩි අවුරුදු 18ට අඩු තරැණ ළමයෙකුගේ සෞඛ්‍යය, ආරක්ෂාව හා සදාචාරය ට හානිකර කිසිදු රැකියානකට යොදවා ලැනීමද නතර කළ යුතු ය යන්න මෙවර තේමාව මගින් ප්‍රකට කෙරේ.
     
     AP
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya