ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලබන අවුරුද්ද වන විට වැට් අඩු කරනවා- මුදල් ඇමැති Featured

    ජූලි 11, 2016

    ලබන අවුරුද්ද වෙනකොට වැට් එක අඩු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    ඒ මහතා ප්‍රකාශ කළේ පසුගිය රජය  2006 දී වැට් එක 20%ක් දක්වා වැඩි කළ බවයි.

    2015 ජනවාරි පළමු වැනිදා 11%ක තිබුණ වැට් එක අපි 15% කට ගෙනාවේ තාවකාලිකව බවත්  ඒ අනුව 4%කින් පමණක් වැට් එක වැඩි වී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    යහපාලන රජය, ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ලබන ප්‍රගතිය දරා ගත නොහැකි පිරිසක් සිටින බවත් පසුගිය පාලනයේ හා වර්තමාන යහපාලනයේ වෙනස ජනතාව මනාව හඳුනාගෙන තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පසුගියදා පැවැති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම -වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් අගාධයකට පත් වෙලා තිබුණ රට ගොඩනැඟීමට කටයුතු කරන බවත් අද වන විට විශාල ජාත්‍යන්තර පිළිගැනීමක් තිබෙන අතර ජාත්‍යන්තරයෙන් අඩු පොලියට ණය දෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මේ විශ්වාසය ඇති වෙලා තියෙන්නෙ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ නිසයි.  ජනාධිපතිතුමත් අගමැතිතුමත් ජාත්‍යන්තරය පිළිගෙන දුර ගමනක් යන්න හදනවා. මේ ගමන වලක්වන්න විවිධ උත්සහයන් පවතිනවා. ඒවා අපි පරාජය කළ යුතුයි. රට ආපස්සට හරවන්න අපි ඉඩ දෙන්නෙ නැහැ.” යැයි ද අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya