ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජිවන වියදම සුළු වශයෙන් ඉහළයාම ගැන රජය අවධානයෙන්

    ජූලි 11, 2016

    ඉන්ධන මිල හා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුකර තිබියදී ජිවන වියදම සුළු ප්‍රමාණයකින් ඉහළයාම පිළිබඳව රජයේ අවධානය  යොමුව  ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

    රාජගිරියේ ශ්‍රී ලංකා අන්ධ ජනසේවා මධ්‍යස්ථානයේ පසුගියදා පැවති උත්සයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ඒ මහතා ප්‍රකාශ කළේ එදිනෙදා ජීවත්වීමට අවශ්‍ය භාණ්ඩ ඇතුලු අත්‍යවශ්‍ය  භාණ්ඩ රැසක් වැට් බද්දෙන් නිදහස් කර ඇති බවයි.


    එසේ සිදුකර තිබියදී අද වැට් බද්ද පිළිබඳව විශාල ආන්දෝලනයක් ඇතිකර තියෙන්නේ රජයේ ගමන්මග අපහසුතාවයට පත්කිරීමට බවත් අද රටේ ආර්ථිකය ගොඩනැගීමට අපේ රජය විශාල උත්සහයක් යෙදෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    කඩා වැටුණු ආර්ථිකයක් ගොඩනගන විට සුළු සුළු අඩුපාඩු සිදු වුවත් විශේෂයෙන්ම ආර්ථිකය වේගයෙන් සංවර්ධනය කරන බවත් ඒ නිසා ජනතාවටත් ඊට සහය දැක්වීමට වගකීමක් පවතිනබවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.


    ජිවන වියදම සුළු ප්‍රමාණයකින් ඉහළයාම පිළිබඳව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙළද ව්‍යාපාරිකයින් සමඟ සාකච්ජා කළ බවත් එහිදී ජිවන වියදම සුළු ප්‍රමාණයකින් ඉහළ ගියේ කෙසේද යන්න පිඟිබඳව සහ මිල පාලනයක් ඇතිකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ දෘශ්‍යාබාධිත දරුවන්ට දෘශ්‍ය උපකරණ ලබාදීම වෙනුවෙන් පැවති මෙම උත්සවයට මෙරට කොරියානු ජන රජයේ තානාපතිවරයා සහ ශ්‍රී ලංකා අන්ධ ජන සේවා මණ්ඩලයේ සභාපතිවරයා ඇතුලු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya