ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook
    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    රු. 30ක ආනයනික සීනි බද්ද ශත 25 දක්වා පහතට Featured

    ජූලි 19, 2016

    සීනි මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට රජය තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.


    ඒ අනුව මෙතෙක් ආනයනික සීනි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා රුපියල් 30ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා පහත දැමෙනු ඇත. නව තීරණය අනුව, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 29.75කින් පහත දමා තිබේ.

    සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමේ දී මතු වූ අර්බුදකාරී තත්ත්වය මෙමගින් පහව යනු ඇති බව පෙන්වා දෙන අමාත්‍යාංශය මේ වන විට සීනි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 95කි.

    වාර්ෂිකව ශ්‍රී ලංකාවට සීනි මෙට්‍රික් ටොන් 650,000ක් පමණ ආනයනය කරනු ලබයි. එම ප්‍රමාණය මෙරට සීනි පරිභෝජනයෙන් 92%කි. දේශීය වශයෙන් සීනි නිෂ්පාදනය කරනු ලබන්නේ දළ වශයෙන් මෙට්‍රික් ටොන් 56,000ක් පමණි. එය සමස්ත පරිභෝජනයෙන් 8%කි.

    සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද යටතේ රජය ලද වාර්ෂික ආදායම දළ වශයෙන් රුපියල් මිලියන 19,500ක් පමණ වේ. බද්ද ශත 25, දක්වා පහත දැමීමෙන් පසු එම ආදායම රුපියල් මිලියන 162.5 පමණ දක්වා පහත වැටෙනු ඇත. මේ අනුව රජයට අහිමි වන ආදායම දළ වශයෙන් රුපියල් මිලියන 19,337.5ක් වන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
     
    ශ්‍රී ලංකාවේ, පුද්ගලයකුගේ වාර්ෂික සීනි පරිභෝජනය කිලෝ ග්‍රෑම් 31ක් පමණ වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya