දිවයිනට පැමිණි මෙම දුත පිරිස ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හා එම මහත්මිය විසින් පිළිගන්නා ලදී.
ශි‍්‍ර ලංකාවට පැමිණි පකිස්ථානු ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා හා ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අතර නිළ හමුව ගුවන් හමුදා මුලස්ථානයේදී අද (08) පෙරවරුවේ සිදුවිය.
ගුවන් හමුදා මුලස්ථාන පරිශ‍්‍රයට පැමිණි පකිස්ථානු ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා ඇතුලු දූත පිරිස ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමොඩෝර් එම්ඩීඒපී පායෝ විසින් පිළිගත් අතර ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් සම්මාන මුර පෙළපාලියකින් ආචාරය සිදු කරන ලදි.
පකිස්ථානු ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා සහ ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අතර හමුවීම සිහිගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණු අතර මෙම අවස්ථාව සඳහා ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරින්ද සහභාගී වූහ.



















