ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    2017 අයවැයට ගොවි ජනතාවගේ අදහස් ලබා ගැනීම ආරම්භ වෙයි

    අගෝස්තු 09, 2016

    ජනතා ගැටලුවල සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන ඊට නිසි විසඳුම් ලබා දිය හැක්කේ ජනතාව අතරට ගොස් ඒව සාකච්ඡා කිරීමෙන් පමණක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

    එසේ නොමැතිව කොළඹ සිට නිකුත් කරන නිර්දේශ හෝ ලේඛන තුළින් ගැටලුවක සැබෑ තත්ත්වය අවබෝධ කර ගත නොහැකි බව අනුරාධපුරය, විලච්චිය, කොක්කිච්චිය ප්‍රදේශයේ දී ගොවි ජනතාව සමඟ පසුගිය දා පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    ව්‍යාපාරික ප්‍රජාව සහ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අදහස් හා යෝජනා සාකච්ඡා කර, ඊට විසඳුම් ලබා දීමේ වැඩසටහන් මාලාවේ පළමු අදියර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරමින් මෙම හමුව පැවැත්විණි.

     

    2017 අයවැය යෝජනාවලියට අදහස් හා යෝජනා ලබා ගැනීම ද මීට සමගාමීව ආරම්භ කළ අතර එම ප්‍රදේශයේ ගොවි ජනතාවට මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් විය.

     

    පසුගිය 2016 අයවැය සඳහා ද දිවයින පුරා සංවිධාන 1,534කින් පමණ අදහස් ලබා ගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා 2017 වසරේ අයවැය සඳහා ද බිම් මට්ටමේ සිට අදහස් ලබා ගැනීමට නියමිත බව ද සඳහන් කළේය.

     

    රට හැදීමට සඳහා මුදල් අවශ්‍ය බැවින් බදු මුදල් නාස්ති නොකර ජනතාව වෙනුවෙන් ම වැය කිරීමට රජය වගකීමෙන් කටයුතු කර බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන්, පළාත් සභා මන්ත්‍රී කස්තුරි අනුරාධනායක, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු යන මහත්වරු ඇතුළු මුදල් අමාත්‍ය නිලධාරීහු හා ප්‍රදේශවාසීහු ද මෙම අවස්ථාවට එක් සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya