ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපති අපනයන සම්මාන උළෙල ජනපති ප්‍රදානත්වයෙන් Featured

    අගෝස්තු 10, 2016
    ජනාධිපති අපනයන සම්මාන උළෙල පසුගියදා  බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
    අපනයන ක්ෂේත‍්‍රයට දායකවූවන් ඇගයීම වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ 20 වන වරටය.
     
    2014/2015 වර්ෂයන්ට අදාළව ක්ෂේත‍්‍ර 10 ක් ඔස්සේ සම්මාන 113 ක් මෙහිදී ප‍්‍රදානය කෙරුණු අතර ජනාධිපතිතුමා අතින් 20 දෙනෙකු වෙත සම්මාන ප‍්‍රදානය කෙරිණි.
     
    වසරේ ශී‍්‍ර ලාංකීය අපනයනකරුවා, උපරිම ශුද්ධ විදේශ විනිමය ඉපැයුම්කරුවා, වැඩිම වෙළෙඳපොළ විවිධාංගිකරණයක් ඇති අපනයනකරුවා, වසරේ හොඳම ශී‍්‍ර ලාංකීය අපනයන වෙළෙඳ නාමය, මෙරට අපනයනයේ නියැළී සිටින හොඳම බහුජාතික සමාගම, තිරසාර සංවර්ධනයට දායක වන හොඳම අපනයන සමාගම, අපනයන ක්ෂේත‍්‍රයේ වැඩිම රැකියා උත්පාදක, ප‍්‍රාදේශීය මට්ටමින් අපනයන සැපයුම් දාමයට වැඩිම දායකත්වයක් දක්වන අපනයනකරුවා, හොඳම නැගී එන අපනයනකරුවා, අපනයන ක්ෂේත‍්‍රය සඳහා හොඳම ඇසුරුම්කරණ සේවා සැපයුම්කරුවා යන විශේෂ සම්මාන 10 ක් හා භාණ්ඩ හා සේවා අපනයන වර්ගීකරණය යටතේ සම්මාන 93 ක් ඇතුළු සම්මාන 113 ක් මෙහිදී පිරිනැමිණි.
     
    අමාත්‍යවරුන් වන රවී කරුණානායක, මහින්ද අමරවීර, නවීන් දිසානායක, මලික් සමරවික‍්‍රම, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි හා ප‍්‍රධාන විධායිකා ඉන්දිරා මල්වත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya