ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ගුරුවරුන් 100 දෙනෙකුට දකුණු කොරියාවේ දී පුහුණුවක්

    අගෝස්තු 11, 2016

    තාක්ෂණ ගුරුවරුන් 100 දෙනෙකු සඳහා දකුණු කොරියාවේ දී පුහුණු අවස්ථා ලබාදීමට දකුණු කොරියාවේ කොයිකා ආයතනයේ මෙරට නේවාසික නිත්‍ය නියෝජිත Lee Dong Ku මහතා එකඟ වූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොරියානු රජයේ කොයිකා ආයතනයේ නේවාසික නිත්‍ය නියෝජිත Lee Dong Ku මහතා අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඊයේ (10)  පැවති හමුවේදී මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු සාකච්ඡා ලක් විය.

     

    මීට අමතරව මෙරට පාසල්වල සේවය කරන ස්වෙච්ඡා ගුරුවරුන්ගේ ගැටලු හඳුනාගැනීමට කොයිකා ආයතනයේ සහය ලබාදීමට මෙහිදී එකගතාවය පළ වී තිබේ.

     

    එසේම කොයිකා ආධාර යටතේ කුලියාපිටියේ ආරම්භ කිරීමට නියමිත තාක්ෂණ විද්‍යාපීඨයේ  ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමටත් ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් ලබාදෙන සහයෝගය පිළිබඳව අමාත්‍යවරයා සමඟ නියෝජිත පිරිස දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළහ.

     

    පසුගිය ජුලි මස දකුණු කොරියාවේ සංචාරයක නිරත වූ අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී විවිධ ආයතන සමඟ කරන ලද සාකච්ඡාවල ප්‍රතිලාභ රැසක් මේ වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ලැබෙමින් පවතින බව ද අමාත්‍යාංශය වැඩිදුරත් පෙන්වා දෙයි.

     

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් අධ්‍යාපන ලේකම් ඩබ්.එම්. බන්දුසේන, අතිරේක ලේකම් එච්.යූ. පේ‍්‍රමතිලක (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන). මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya