ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මරඳමඩු මංගල්‍ය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා Featured

    අගෝස්තු 12, 2016
    වාර්ෂිකව මඩු දේවස්ථානයේ උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලබන මරඳමඩු මංගල්‍ය සඳහා සහභාගිවන බැතිමතුන්ගේ පහසුව පිණිස විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු යොදා ඇත. ඒ අනුව මෙම දුම්රිය සේවය එළැඹෙන 13දා සිට 16දා දක්වා ක්‍රියාත්මක වේ. 
     
    එම විශේෂ දුම්රියන්හි වේලාවන් හා ගමනාරම්භයන් වෙත ගමනානන්තයන් පහත පරිදි වේ.
     
    13දා පෙරවරු 8.10ට මීගමුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය පස්වරු 3.00ට මඩු පාර දුම්රිය ස්ථානය වෙත ගමන් කරනු ඇත. 14දා පෙරවරු 8.10ට මීගමුව දුම්රිය ස්ථානයෙන් ම ගමන් ආරම්භ කරන දුම්රිය පස්වරු 3.00ට මඩු පාර දුම්රිය ස්ථාන වෙත ලඟා වනු ඇත. 
     
    15දා පස්වරු 3.30 මඩුපාර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය රාත්‍රී 10.18ට මීගමුව වෙත පැමිණීමට නියමිතව ඇත. 16දා පෙරවරු 10.45ට මඩුපාර දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන විශේෂ දුම්රිය පස්වරු 6.51ට මීගමුව දුම්රිය ස්ථානය වෙත ලඟාවීමට නියමිතය.
     
    මෙම විශේෂ දුම්රියන්ට අමතරව දිනපතා කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම දක්වා ධාවන වන අංක 5067, 5452 යන දුම්රියන්ට සහ තලෙයිමන්නාරමේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 5068, 5868 යන දුම්රියන්ට සාමාන්‍ය ධාවනය වන දුම්රිය මැදිරිවලට අමතර ව වැඩිපුර මැදිරි යෙදීමට ද කටයුතු යොදා ඇත.
     
    මඩු වන්දනාවේ යන බැතිමතුන්ට අවශ්‍ය බීමට ජලය පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් මඩුපාර දුම්රිය ස්ථානයේ සපයා ඇත.
     
    දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී. ආරියරත්න මහතාගේ උපදෙස් පරිදි මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya