ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජාතික රජයක් යනු රටක් දියුණු කළ හැකි ආණ්ඩුවක්- අගමැති Featured

    අගෝස්තු 29, 2016

    ජාතික රජයක් යනු රටක් දියුණු කළ හැකි ආණ්ඩුවක් බවත් බෙදෙන්නේ නැතිව ඉදිරියට යා යුතුව තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනතාවට හොඳ අනාගතයක් උදාකර දිය යුතු බවත් තරුණයන්ට යහපත් අනාගතයක් උදාකර දෙන ආර්ථිකය ශක්තිමත් කරන යුගයකට අප පැමිණ සිටින බවත්  වැලිමඩ එක්සත් ජාතික පක්‍ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේදී පසුගියදා අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    පසුගිය රජය සීමාවක් නැතුව ණය ලබා ගෙන තිබුණු අතර මේ වන විට ටිකෙන් ටික ණය ප්‍රශ්නයෙන් රට මුදා ගනිමින් සිටින බව පෙන්වා දුන් අගමැතිවරයා ලබන වසර උදාවන විට ණය අර්බුදයෙන් රට තවදුරටත් මුදා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ද අගමැතිවරයා පැවසීය.

     

    නුවර එළිය ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව කොළඹ සිට ඒම සඳහා ගත වන කාලය ඉතිරි කර ගැනීම සඳහා මත්තල ගුවන් තොටුපොළේ සිට කෙළින්ම සංචාරකයන්ට එහි පැමිණීමට හැකි වන පරිදි පහසුකම් ඇති කරන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

     

    ආනයනය කරන අර්තාපල් සඳහා 40% බද්දක් පැනවීමට කටයුතු කර තිබෙන බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

     

    හම්බන්තොට වරාය නැව්වලින් පිරවීම අපේ අපේක්‍ෂාවයි. එමෙන්ම එහි නැව් තාටාකාංගනයක් ඉදි කිරීමට පියවර ගෙන තිබෙනවා. එම ප්‍රදේශයේ ඉදිකරන කර්මාන්තශාලාවලට බල ශක්තිය උත්පාදනය කිරීම සඳහා වෙනමම විදුලි බලාගාරයක් ඉදි කරනවා. තෙල් පිරිපහදු මධ්‍යස්ථාන සිමෙන්ති කර්මාන්තශාලා හෝටල් රැසක් එහි ඉදිකිරීමට නියමිතයි. එම ප්‍රදේශය අපගේ සැලසුම් අනුව විශාල දියුණුවකට ලක්වීමට නියමිතයි. නැගෙනහිර පළාත ද ඒ ආකාරයෙන් ශීඝ්‍ර සංවර්ධනයකට ලක් කෙරෙනවා. සංචාරකයින්ට කොළඹට නොගොස් ඌව නැගෙනහිර පළාත්වලට යාමට හැකියාව ලැබෙන බව අගැමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya