ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    “සැප්.1 වනදා සිට යාල I කොටස තාවකාලිකව වසා තබයි.”- වනජීවී අමාත්‍ය

    අගෝස්තු 30, 2016
    යාල I කොටස පමණක් සැප්තැම්බර් 01 වනදා සිට ඔක්තෝම්බර් මස 15 වනදා දක්වා වසා තබන බව තිරසර සංවර්ධන හා  වන ජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. 
    යාල අංක III, IV සහ V යන කොටස් සංචාරකයින් හට ගමන් කළ හැකි බවත් එම කොටස් සංවර්ධනය කර ඇති බැවින්, සතුන් විශාල ප්‍රමාණයක් දැකගත හැකි බවත් අමාත්‍යංශය සඳහන් කරයි. 
     
    බුත්තල කතරගම ප්‍රධාන මාර්ගයේ ගල්ගේ පිවිසුමෙන් මෙම කොටස් වෙත ප්‍රවේශ වීමට හැකියාව පවතියි. යාල V කොටසෙහි සංචාරක බංගලා 02 ක් පවතින බැවින්, එම සංචාරක බංගලා දෙක ද සංචාරකයින්ගේ පහසුව සඳහා ප්‍රධාන කාර්යාලයෙන් වෙන්කර ගත හැක.
     
    යාල I කොටසෙහි නව සංවර්ධන වැඩ පිළිවෙලක් හෙට සිට ක්‍රියාත්මක කිරීමට සියළු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බැවින්, ඔක්තෝම්බර් මාසයේ දී යාල I කොටසෙහි සංචාරකයින් හට නව අත්දැකීමක් ලබා දීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා  වැඩිදුරටත් පැවසීය.
     
    AP
     
        
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya