ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ගුරු හිඟ වැටුප් සහ වර්ධක ගෙවීමට රුපියල් මිලියන 902ක්

    සැප්තැම්බර් 01, 2016
    දිගු කලක් තිස්සේ පවතින ගුරු හිඟ වැටුප් සහ වර්ධක පියවීම සඳහා වහා පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
     
    ඒ අනුව 2006 වසරේ සිට ගෙවීම් ප්‍රමාද වී තිබූ හිඟ ගුරු වැටුප් සහ වර්ධක පියවීම සඳහා රුපියල් මිලියන 902.94ක මුදලක් පළාත් සභා 09ම ආවරණය වන පරිදි නිදහස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත.
     
    6/2006 චක්‍රලේඛය අනුව සියලු සේවා ව්‍යවස්ථාවන් නියමිත පරිදි වැටුප් ගලපාලමින් ශ්‍රී ලංකා ගුරු සේවය හා ශ්‍රී ලංකා විදුහල්පති සේවසේ නව සේවා ව්‍යවස්ථාවන් අනුමත කර ගැනීම පසුගිය පාලන සමයේ දී දීර්ඝ කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් වැටුප් ප්‍රතිස්ථාපනය හා වැටුප් වර්ධක ගෙවීමට නොහැකිවීමේ ගැටලුවක් මතු වී තිබිණි.
     
    බස්නාහිර පළාත සඳහා රුපියල් මිලියන 212.77ක් ද, මධ්‍යම පළාත සඳහා රුපියල් මිලියන 76.16ක් ද,  උතුරු මැද පළාත සඳහා රුපියල් මිලියන 41.12ක් ද, වයඹ පළාතට රුපියල් මිලියන 170.94ක් ද, ඌව පළාතට රුපියල් මිලියන 41.04ක් ද, දකුණු පළාතට රුපියල් මිලියන146.80ක් ද, නැගෙනහිර පළාතට රුපියල් මිලියන 98.88ක් ද, සබරගමුවට රුපියල් මිලියන 107.38ක් සහ උතුරු පළාත සඳහා රුපියල් මිලියන 7.82ක් ද වශයෙන් රුපියල් මිලියන 902ක මුදලක් දැනටමත් මුදා හැර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya