ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ උප කාර්යාලයක් යාපනයේ

    සැප්තැම්බර් 02, 2016
    වරාය සහ නාවික අමාත්‍යශයේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ උප කාර්යාලය වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි අද යාපනයේදී විවෘත කෙරේ.
    මෙරට වරාය, නාවික සහ සමුද්‍රිය විෂය නියාමනය කිරීම සහ අධීක්ෂණය පැවරී ඇත්තේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයටයි. එහි උප කාර්යාලයක් පිහිටුවන පළමු අවස්ථාවද මෙය වේ. යාපන අර්ධද්වීපයේ වෙරළ මගී ප්‍රවාහනය විධිමත් කිරීම සහ නියාමනය කිරීම එම උප කාර්යාලයට පැවරෙන මූලික වගකීමයි.
     
    වෙරළාසන්න මගී ප්‍රවාහන සේවය වරාය සහ නාවික අමාත්‍යංශය යටතට ගැනෙන විෂයකි. යාපනය අර්ධද්වීපයේ දූපත් අතර මගී ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා මේ වනවිට වරාය සහ නාවික අමාත්‍යංශය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ යෝජනාවකට අනුව ඒ සඳහා රුපියල් මිලියන 50 ක් වෙන්කර ඇත.
     
    මගීන් ප්‍රවාහනය සඳහා යොදාගන්නා නාවික යාත්‍රා වල ගුණාත්මක බව වැඩි කිරීම, දූපත් ආශ්‍රිත ජැටි නිර්මාණය, මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීම ඇතුළු සෙසු නියාමනය  සහ අධීක්ෂණය සඳහා මෙම මුදල් යෙදවීමට නියමිතය. අද විවෘත කෙරෙන උප කාර්යාලයෙන් යාපනය අර්ධද්වීපයේ දූපත් අතර මගී ප්‍රවාහන සේවය විධිමත් කිරීම සඳහා පුහුණු වැඩසටහන් රැසක්ද දියත් කෙරේ.
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya