ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා තරුණයාගේ භූමිකාව අවධාරණය කරයි Featured

    සැප්තැම්බර් 02, 2016
    සාමය ගොඩනන්වන්නන් හා ලෝක නායකයන් වශයෙන් තරුණයන්ගේ භූමිකාව පිළිබඳ ව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා දේශීය තරුණ ප්‍රජාව සමඟ පැවැති සාකච්ඡාවකදී කරුණු අනාවරණය කළේය. 
     
    තරුණ ජනතාවනි, "ඔබ හෙට දවසේ නායකයන්ගේ වෙතියි අප නිතර කියමු. එය ඇත්තක් විය හැකිය. එහෙත් අද දිනයේ නායකයන් වූ විශාල තරුණ පිරිසක් ද සිටිතියි" ඔහු පැවසීය.
     
    ඔහුට අනුව ලෝක පුරා තරුණයන් සමඟ කටයුතු කිරීම එක්සත් ජාතීන්ගේ ප්‍රමුඛතම කාර්යයකි.
     
    ඔහු මේ අඳහස් පළ කළේ ගාල්ලේ ගෝල්ඩි හෝල් හි පැවැති "සංහිඳියාව හා සහජීවනය තරුණයාගේ භූමිකාව" නමින් පැවැති තරුණ වැඩසටහනකදීය. එය සංවිධානය කරන ලද්දේ ජාතික තරුණ සේවා සභාව, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය, ජාතික ඒකාබද්ධතාව හා සංහිඳියාව සඳහා වූ කාර්යාලය හා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනි.
     
    ඍජුවම සාමය, එක්සත් බව, සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ව්‍යාපෘති හා වැඩසටහන්වලට සම්බන්ධ වී සිටින තරුණයන් 100දෙනෙක් මේ අවස්ථාවට සහභාගි වූහ. ඔවුහු තේමාවන් 08ක් ඔස්සේ තම කාර්යයන් හා අඳහස් එළිදැක්වූහ. එනම් කලාව හා සංස්කෘතිය, අධ්‍යාපනය, භාෂාව හා අනන්‍යතාවය, අන්තර් විශ්වාසය, මාධ්‍ය හා සන්නිවේදනය, කාන්තාව හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ක්‍රීඩාව, ජීවනෝපාය හා මනෝවිද්‍යාත්මක සහාය වේ. 
     
    තම අඳහස් දැක්වීමෙන් අනතුරුව මහ ලේකම්වරයා සහභාගිවූවන් සමඟ ප්‍රශ්නෝත්තර සැසිවාරයකට සහභාගි වූ අතර සාම ප්‍රතිඥාවට අත්සන් තැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya