ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    බහු කාර්ය ධීවර වාරයන් ආශ්‍රීතව සෘජු හා වක්‍ර රැකියා දහස් ගණනක්

    සැප්තැම්බර් 05, 2016
    යෝජිත බහු කාර්ය ධීවර වරාය සංකල්පය, විරැකියාව නැති කිරීම සදහා මෙන්ම අපේක්ෂිත ආර්ථික ඉලක්ක ජය ගැනීම සදහා මහත් පිටු වහලක් සපයනු ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .
    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කලේ මෙරටට පැමිණ සිටින කොරීයානු ඉහල පෙලේ නියෝජිත කණ්ඩායම උඩප්පුව බහු කාර්ය ධීවර වරාය ඉදි කිරීමට යෝජිත ප්‍රදේශය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔවුන් හමු වූ අවස්ථාවේදීය.
     
    කඩිනමින් වැඩ අවසන් කිරීමෙන් අනතුරුව මේ සෑම බහු කාර්ය ධීවර වාරයක් ආශ්‍රීතවම සෘජු හා වක්‍ර රැකියා දහස් ගණනක් නිර්මාණය වන බවද එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය .
     
    විශාල ප්‍රමාණයේ යාත්‍රා වලට පිවිසිය හැකි වන පරිදි මෙන්ම එවැනි යාත්‍රා සදහා පහසුකම් සැලසීමටත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව මත්ස්‍ය අස්වැන්න ගොඩබෑම , නවීන ශීතාගාර , ගබඩා පහසුකම් , අලෙවිසල් , ප්‍රවාහන පහසුකම් , ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වන පරිදි මෙම බහු කාර්ය ධීවර වරායන් සැලසුම් කර තිබේ .
     
    යෝජිත මෙරට ප්‍රථම බහු කාර්ය ධීවර වරාය ඉදිකිරීමට නියමිත උඩප්පුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවේ නිරත වූ කොරීයානු නියෝජිතයින් ධීවර කර්මාන්තය ආදායම් උත්පාදන ක්ෂේත්‍රයක් බවට පත් කරන බහු කාර්ය ධීවර වරාය ඉදිකිරීමට සුදුසු ප්‍රදේශ හදුනා ගැනීමේදී ධීවර ජනතාවගේ අදහස්ද විමසිය . 
     
    එහිදී ප්‍රදේශයේ ධීවර ජනතාව තමන් මුහුණ දී සිටින ගැටළු හා ඒවාට ලබා දිය යුතු විසදුම් පිළිබදවත් වරායක් ඉදිකිරීමේදී අවධානය යොමු කලයුතු කරුණු පිළිබදවත් අදහස් දැක්විය . 
          
    එහිදී කොරීයානු නියෝජිත කණ්ඩායම කියා සිටියේ ශක්‍යතා අධ්‍යනයක් සිදුකර මෙවැනි බහු කාර්ය ධීවර වරායක් ඉදිකිරීමට ඉතාම සුදුසු ප්‍රදේශය තීරණය කරන බවය . වඩාත් ප්‍රථිපල දායක ලෙසත් පාරම්පරික ධීවර ජනතාවට කිසිදු ගැටලුවකින් තොරව තම කර්මාන්තයේ නිරත වීමට ඇති අයිතිය ආරක්ෂා වන පරිදි බහු කාර්ය ධීවර වරයා සංකීර්ණය ඉදිකිරීමට සැලසුම කරන බවත් ඔවුහු එහිදී අවධාරණය කළහ . 
     
    ඊට අමතරව මෙම බහු කාර්ය ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් ධීවර ගම්මාන බිහිවීමත් . සාප්පු සංකීර්ණ හා පොදු පහසුකම් සංවර්ධනය සදහා ද වැඩි අවධානය යොමු කර ඇත .
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya