ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ‘දියකාවා’ යුද අභ්‍යාසය කෝකිලායිහි දී ආරම්භ වේ

    සැප්තැම්බර් 05, 2016
    ශ්‍රී ලංකා යුද හමුදාව විසින් හත්වන වරටත් සංවිධානය කරනු ලැබූ ‘දියකාවා යුද අභ්‍යාසය - අදියර VII - 2016’ ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදා සෙබලුන් 3458 සමගින් හා විදේශිය හමුදා සාමාජිකයින් 58 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මින්නේරියේ පිහිටි මෙහෙයුම් මුලස්ථානයේ දී ඊයේ (4) උදෑසන පැවති පුළුල් සුදානම් රැස්වීමකින් අනතුරුව කෝකිලායි ප්‍රදේශයේ දී ආරම්භ විය.
     
    කමාන්ඩෝ සහ විශේෂ බලකා සෙබලුන් බහුතරයක් ඇතුලත්ව පාබල හමුදා සෙබලුන් 2500ක්, නාවික සෙබලුන් 638ක් සහ ගුවන් සෙබලුන් 506ක් සමගින් බංගලාදේශය, චීනය, ඉන්දියාව, ජපානය, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ එක්සත් ජනපදය යන රටවල්හි විදේශීය හමුදා නියෝජිතයින් ද මේ සඳහා සහභාගි වී සිටිති.
     
    මෙම දැවැන්ත අභ්‍යාසය සැප්තැම්බර් මස 25 වන දින අවසන්වීමට නියමිත අතර, එයට සමගාමීව පෙර දින දැවැන්ත ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya