ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මැණික් කර්මාන්තය ජාත්‍යන්තර තුළ ප්‍රචලිත කිරීමට පුළුල් වැඩපිළිවෙළක් Featured

    සැප්තැම්බර් 06, 2016

    ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය තව දුරටත් ජාත්‍යන්තර මට්ටමෙන් ප්‍රචලිත කිරීමටත්, එමගින් විදේශ විනිමය ඉපයීම සඳහා පුළුල් ක්‍රමවේදයක් සකස් කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ තිබෙන, ලොව දුර්ලභ මැණික් සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉඩ ප්‍රස්ථා ලබා ගැනීමට රජය යටතේ පියවර ගන්නා බවයි.

     

    ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය මගින් 26 වැනි වරටත් සංවිධානය කරන ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණභරණ ප්‍රදර්ශනය (Facets Sri Lanka 2016) නැරඹීම සඳහා  කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත ගිය අවස්ථාවේ දී රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ය.

    ප්‍රදර්ශනය පසුගිය දා 01 වැනි දා ආරම්භ විය.

    ප්‍රදර්ශන කුටි වෙත ගිය අමාත්‍යවරයා ව්‍යාපාරිකයන් සහ සංවිධායක මණ්ඩලය සමඟ සුහද කතාබහක ද නිතර විය. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා කියා සිටියේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ශ්‍රී ලංකාවේ සිටින බවයි.


     
    එබැවින් ආභාරණ මිල දී ගැනීම සඳහා විදේශයන් වෙත යාම අවශ්‍ය නොවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. කර්මාන්තය දියුණු කිරීම සඳහා අදහස් හා යෝජනා මෙම ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡා කරන බවත් කර්මාන්තයේ හෙට දවස සාර්ථක කිරීමට අවශ්‍ය සහය රජයේ පාර්ශ්වයෙන් ලබා දෙන බවත් හෙතෙම අවධාරණය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya