ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පොලිතින්, ප්ලාස්ටික් සහ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය නිවාරණ සතිය අද සිට Featured

    ඔක්තෝබර් 24, 2016

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ මධ්‍යම පරිසර අධිකාරිය මෙහෙයවන පොලිතින්, ප්ලාස්ටික් සහ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය නිවාරණ සතිය අද (24) සිට දිවයින පුරා ආරම්භ කෙරේ.

    ඔක්තෝම්බර් 30 වනදා දක්වා කි‍්‍රයාත්මක කෙරෙන මෙම සතිය තුළ නිවසේ, කාර්යාලයේ භාවිතයෙන් ඉවත දමන ප්ලාස්ටික්, පොලිතින්, විද්‍යුත් හා ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය දිස්ති‍්‍රක් මට්ටමින් ස්ථාපිත කර තිබෙන ප‍්‍රධාන එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත භාරදිය හැකිය.

     

    ප්ලාස්ටික් හා පොලිතින් පසට එක් වූ විට දීර්ඝ කාලයක් දිරා නොයා පවතී. එමඟින් පස නිසරු වන අතර භූගත ජලය ද දුෂණය වේ.

     

    තැන තැන ඉවතලන ප්ලාස්ටික් බරවා හා ඩෙංගු වැනි මදුරුවන් මඟින් බෝවන රෝග පැතිරීමට මුල් වන අතර පොලිතින් හා ප්ලාස්ටික් ගිනි තැබීමෙන් සිදුවන වායු දුෂණය නිසා පිළිකා හා ස්වසන රෝගවලට ජනතාව ගොදුරු වේ.

     

    පොලිතින් ප්ලාස්ටික් සිරවි කාණු පද්ධති අවහිරවීමෙන් හදිසි ගංවතුවර ආපදාවන්ට ලක්වීමට සිදුවනු ඇත.

     

    ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය යනු ආයු කාලය අවසන් වූ භාවිතයෙන් ඉවත් කළ ඉලෙක්ට්‍රොනික උපකරණ වේ. මේ යටතට පරිගණක, රූපවාහිනී යන්ත‍්‍ර, ජංගම දූරකතන, ඝනක යන්ත‍්‍ර, කැසට් යන්ත‍්‍ර, ඡායා පිටපත් යන්ත‍්‍ර, ඉලෙක්ට්‍රොනික සෙල්ලම් භාණ්ඩ, ෆැක්ස් යන්ත‍්‍ර වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ අයත් වේ.

     

    පසුගිය වර්ෂ කිහිපයක කාලය තුළ ශී‍්‍ර ලංකාවේ ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතය සීඝ‍්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර ඒවායේ ආයු කාලය ද සැලකිය යුතු ලෙස අඩුවෙමින් පවතී.

     

    සියලුම ඉලෙක්ට්‍රොනික උපාංගවල විවිධ වු විෂ රසායනික අඩංගු බැවින් විද්‍යුත් අපද්‍රව්‍ය අවිධිමත් ලෙස පරිසරයට බැහැර කිරීම මගින් ජනතාවගේ සෞඛ්‍යයට මෙන්ම පරිසරයට ද අනෙකුත් සතුන්ගේ පැවැත්මට ද විශාල තර්ජනයක් එල්ල වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya