ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දීය ගිලන් රථ පුහුණුව සෞඛ්‍ය රියදුරන්ට ලබාදීමේ යෝජනාවක්

    ඔක්තෝබර් 25, 2016
    ඉන්දීය ගිලන් රථ සේවාවේ කාර්ය මණ්ඩලයට ඉන්දියාවේ දී ලබාදුන් පාඨමාලාව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගිලන් රථ රියදුරන්ට ද ලබාදීම සුදුසු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 
     
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු ම වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගිත්වයෙන් විශේෂ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විණි. 
     
    එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කර සිටියේ එම ගිලන් රථ පුහුණුව ලබාදීම පිළිබඳව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සමග සාකච්ඡාවක් පවත්වන ලෙසයි. 
     
    එමෙන්ම ඉන්දීය ගිලන් රථ සේවාවට අවශ්‍ය රියදුරන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ලබාගැනීමේ යෝජනාවක් ද මෙහිදී ඉදිරිපත් විය. ඒ පිළිබඳව ද අදාළ බලධාරීන් සමග සාකච්ඡා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතාට උපදෙස් ලබාදෙන ලදි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගිලන් රථ රියදුරන්ට විදේශීය පුහුණුවක් ද ලබාදීමට මෙහිදී සාකච්ඡා කෙරුණි. තව ද ගිලන් රථ රියදුරන්ගේ නිල නාමය "ගිලන් රථ නියමු" ලෙස නම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කිරීමට ද තීරණය කෙරුණි. 
     
    තව ද  "සෞඛ්‍ය කාර්ය සහායක" නිල නාමය වෙනස් කිරීමට ද තීරණය විය. සෞඛ්‍ය උපස්ථායකයින් සඳහා විදිමත් පුහුණුක් ලබාදීම, ඔවුන්ගේ නිල ඇඳුම පිළිබඳව සහ ආයුර්වේද රෝහල්වල හෙද හෙදියන්ගේ පුරප්පාඩු ඇතුලු වෘත්තීය සංගම් මුහුණ දෙන ගැටලු රැසක් පිළිබඳ ව මෙහිදී සාකච්ඡා කෙරුණි. එම ගැටලුවලට සෞඛ්‍ය අමාත්‍යවරයා සාර්ථක විසදුම් ලබාදෙන ලදී.
     
    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම, අතිරේක ලේකම් ජනක ශ‍්‍රී චන්ද්‍රගුප්ත යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya