ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මූල්‍ය නගරය රටේ ආර්ථිකය ඉදිරියට ඇදගෙන යන එන්ජිමක් ලෙස පරිවර්තනය කරනවා Featured

    ඔක්තෝබර් 26, 2016
    කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරයේ රටේ ආර්ථිකයේ කොටසක් පමණක් නොව රටේ ආර්ථිකය ඉදිරියට ඇදගෙන යන ඇන්ජිමක් ලෙසින් පරිවර්තනය කිරීමට බලාපොරොත්තුවන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    එමෙන් ම මූල්‍ය නගරය සියලු ම අධිවේගී මාර්ගවලට සම්බන්ධවෙන නව මාර්ගයක් 2020වන විට ඉදිකිරීමට සැලසුම් කොට ඇතැයි ද බේරේවැව වටා ප‍්‍රධාන වාණිජ නගරය ගොඩනගන බවත් කීය.
     
    ගුවන්තොටුපල සහ වරාය නගරය යා කරන අධිවේගී මාර්ගය පෑලියගොඩ සිට වරාය නගරය තෙක් දිර්ඝ කිරීමට කටයුතු කරන අතර ම ඒ හරහා මහාමාර්ග පහසුකම් සැලසෙන බවත් මූල්‍ය නගරයේ ගොඩනැගෙන කිසිම කැලි කසල ප‍්‍රමාණයක් කොළඹ මහනගර සභාවට භාර නොදෙන බවත් පෙන්වා දුන්නේය. 
     
    මූල්‍ය නගරයේ කැලිකසල ප‍්‍රතිචක‍්‍රීයකරණ කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට මෙන් ම ජලමණ්ඩලය මෙන් ම විදුලිබල මණ්ඩලයට බරක් නොවන ආකාරයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් මූල්‍ය නගරය හරහා රටට ජලය මෙන් ම විදුලිය ලබාදෙන ස්ථානයක් හැටියට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.
     
    අපේ රටේ පහුගිය කාළේ නාගරික සංවර්ධනයේ සිදුවෙච්ච ලොකුම අඩුපාඩුව තමයි ලස්සන ගොඩනැගිලි, ඒ වගේම ලස්සන ස්ථාන ගොඩනැගුණා හැබැයි ඒ පිටිපස්සේ ආර්ථික සැලසුමක් තිබුණේ නැහැ. ආර්ථික සැලසුමක් නොතිබීම නිසා ඒවා ආර්ථිකය බරක් උනා. දැන් උදාහරණයක් හැටියට හම්බන්තොට ගොඩනගලා තියෙනවා ඉතාම ලස්සන ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවක්. මම හිතන්නේ ඒක ගොඩනගලා දවස් දෙක තුනකට වැඩිය තාම කවුරුත් පාවිච්චි කරලා නැහැ. අපේ නාගරික සංවර්ධන අධිකාරියට මසකට මිලියන 17ක් යනවා.  ලක්‍ෂ 170ක් යනවා මේ සම්මන්ත‍්‍රණ ශාලාව නඩත්තු කරන්න. 
     
    පෙර තිබූ වරාය නගර කි‍්‍රයාවලියේ අංග ගණනාවක් වෙනස් කොට ඇති බවත් නීතිමය වශයෙන් ශක්තිමත් පදනමකට පැමිණ ඇති අතර ම පාරිසරික අංශයෙන් මේක ශක්තිමත් කරමින් සාමාජමය ප‍්‍රශ්නවලට ඇහුම්කම්දීලා කි‍්‍රයාකිරීමේ යම් යාන්ත‍්‍රණයකට පැමිණ තිබෙන බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා හැකි
     
    ව්‍යාපාරික සැලැස්මක් මේ නාගරිකරණ වැඩපිළිවෙළ යටතේ මේ වාස්තු නිර්මාණය යටතේ සිදු කරමින් පවතින බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya