ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සාධාරණ පරීක්ෂණයකින් පසු නීතිය ක්‍රියාත්මක කරනවා Featured

    ඔක්තෝබර් 26, 2016
    ජාතික සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරමින් පවතින පසුබිමක පසුගිය දා උතුරේ සිදූ අවාසනාවන්ත සිදු වීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ වගකිවයුතු අමාත්‍යවරයා වශයෙන් මෙන් ම රජය වශයෙන් ද තමන් කණගාටුවට පත් වන බවත් එම සිදුවීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයකින් අනතුරුව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නීතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (26) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    මෙම සිදුවීම සිදු වූ මුල් අවස්ථාවේ දී පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කළ වාර්තාවන්හි මෙය හදිසි අනතුරුක් බවට දැක්වූ නමුත් පසුව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වෙඩි තැබීමක් හේතුවෙන් එක් තරුණයෙකු මරණයට පත් ව ඇති බවත් අනාවරණය වී ඇති බව කී අමාත්‍යවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවැරදිම ප්‍රකාශයක් සිදු කළ හැක්කේ පොලිස් පරීක්ෂණවලින් අනතුරුව බවත් පෙන්වා දුන්නේය.
     
    උතුරේ සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ට විවිධ කෝණයන්ගෙන් බලා විවිධ ප්‍රකාශ සිදු කළ හැකි බවත් සඳහන් කළේය.
     
    "මෙම සිදුවීම සිදු වූ අවස්ථාවේ දී පොලිසියේ නිලධාරීන් සිතන ආකාරය මෙන් ම ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් ද සිතා බැලිය යුතු වෙනවා. මෙම තරුණයින් දෙදෙනා බිය කිරීම උදෙසා ඉහළට වෙඩි තැබූ බවට පොලිස් නිලධාරීන් විසින් ප්‍රකාශ කරනවා. ඒ සම්බන්ධයෙන් සැකයක් පවතිනවා නමුත් මෙම සිදුවීම සිදුව ඇත්තේ රාත්‍රි කාලයේදීයි. ඒ සම්බන්ධයෙන් ද සිතිය යුතුයි. එමෙන් ම වෙඩි තැබීම නොසිතූ අයුරින් සිදු ව ඇත්දැයි කියා සිතිය යුතුයි" යැයි ද අමාත්‍යවරයා කීය.
     
    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පහළ නිලධාරීන් හට පමණක් දඬුවම් ලබා දී ඇතත් ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්හට කිසිඳු දඬුවමක් ලබා නොදීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍ය වේදීන් විසින් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එම අවස්ථාවේ දී රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට පමණක් මේ වන විට වැඩතහනමකට ලක් කොට ඇති බවත් සියලු පරීක්ෂණවලින් අනතුරුව වරදකරුවන් වන සියලු දෙනා වෙනුවෙන් දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya