ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඖෂධ මිල අඩු කිරීම ඓතිහාසික වෙනසක් - ඇමැති රාජිත Featured

    නොවැම්බර් 02, 2016
    අත්‍යවශ්‍ය ඖෂධ 48ක් සඳහා මිල පාලන ක්‍රමයක් ගෙන ඒමට ලැබීමට ඓතිහාසික වෙනසක් බවත් මෙහි දෙවැනි අදියර වශයෙන් ඉදිරියේ පිළිකා නාශක ඖෂධ ඇතුළු අධික මිලකින් යුක්ත ඖෂධ වර්ග රැසක් ද මිල පාලන ක්‍රමයට යටත් කිරීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    සිගරට් මිල වැඩිවීමට සමාන්තරව බීඩි මිල වැඩි නොවීම සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් සඳහා පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ සිගරට් මිල වැඩිවීම මෙන් ම බීඩි මිලද වැඩි කොට ඇති බවයි. 
     
    එමෙන් ම සිගරට් මිල වැඩිකිරීම හේතුකොට ගෙන බීඩි භාවිතය වැඩිවීමක් සිදු නොවන බවත් සෑම බදු වැඩිකිරීමකදී ම 4% - 5%ත් අතර ප්‍රමාණයක සිගරට් භාවිතය අඩු වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කළ සමීක්ෂණ හරහා අනාවරණය වී ඇතැයි ද පෙන්වාදුන් අමාත්‍යවරයා සිගරට් නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යයන් හි පිළිකාකාරක 22ක් අඩංගු වන බවත් බීඩි සඳහා භාවිත කරන ඖෂධවල පිළිකා කරක 04ක් අඩංගු වන බවත් පෙන්වා දුන්නේය.
     
    එමෙන් ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මාර්ගයෙන් වෙළෙඳසැල්වලින් සිගරට් අළෙවි නොකරන ලෙස ඉල්ලීම් කෙරෙන දැවැන්ත දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya