ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ ව උතුරුමැද මහානායක හිමිවරු දැනුවත් කෙරේ Featured

    නොවැම්බර් 03, 2016
    රජය විසින් පාර්ලිමේන්තුවෙහි ඒකත් ඡන්දයෙන් සම්මත කළ තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කොට ආශිර්වාද ලබා ගැනීමේ තවත් අදියරක් ඊයේ (02) ඓතිහාසික අනුරාධපුරයේ දී පැවැත්වුණි.
     
    ඒ අනුව අනුරාධපුර අටමස්ථානාධිපති, උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාසාභිධාන නායක හිමියන් මෙන් ම අනුරාධපුර රුවන්මැලි මහා සෑ විහාරාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතනාභිධාන නායක හිමියන් හමු වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පනතේ අඩංගු කරුණු හා ඉන් ජනතාවට අත්වන වාසි පිළිබඳ ව නාහිමියන් වෙත දැනුවත් කර සිටි අතර නාහිමිවරු විසින් එවන් පනතක ඇති වැදගත්කම පිළිබඳ ව පැහැදිලිකර සිටිහ. 
     
    අනතුරුව එම පනත හඳුන්වාදීම පිළිබඳව ද ඇමතිවරයා වෙත නායක හිමියන්ගේ ප්‍රසාදය පළ වූහ. 
     
    ගයන්ත කරුණාතිලක මහතා මහා සංඝරත්නය බැහැදැකීමට පෙර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන්  වැඳපුදාගැනීමෙන් අනතුරුව ඓතිහාසික රුවන්මැලි මහා සෑ රජුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබාගත්තේය.
     
    මෙම අවස්ථාවන් සඳහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතා මෙන් ම කැකිරාව එක්සත් ජාතික පක්ෂ සංවිධායක චන්දිම ගමගේ මහතා ද එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya