ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කිරිපිටි මිල වැඩි කිරීමට රජය අවසර ලබා දී නැහැ- මුදල් ඇමැති

    නොවැම්බර් 05, 2016

    ආනයනික කිරිපිටි මත වැට් බදු පැනවීම හේතුවෙන් කිරිපිටි මිල කිසිදු අයුරකින් වැඩි නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    නොවැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක වන නව සංශෝධිත වැට් බදු පනත මගින් ආනයනික කිරිපිටි, වැට් බද්දට යටත් කරන ලදී.

    එහෙත් දැනටමත් කිරිපිටි වර්ග සඳහා උපරිම සිල්ලර මිල පාලනයක් නියම කර ඇති බැවින්, අදාළ ආනයනික සමාගම්වලට අනුමැතියකින් තොරව මිල වැඩි කිරීමට හැකියාවක්  නොමැති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    අලුතින් පනවා ඇති මෙම නව වැට් බද්ද මත කිරිපිටි මිල වැඩි කිරීමට හෝ එම බද්ද ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ජා කිරීමට සූදානම් බව එම සමාගම් විසින් දන්වා ඇත.

    කිරිපිටි ආනයනකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන කරුණුවල සත්‍යතාවයක් තිබේ නම්, ඒ පිළිබඳ ව සොයා බලා ඔවුන්ට වෙනත් සහනයක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ඇත. කෙසේ වෙතත් දැනට පාරිභෝගික අධිකාරිය මගින් පනවා ඇති, කිරිපිටි ග්‍රෑම් 400 ක් සඳහා රුපියල් 325 ක් ද, කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 810 ක් ද වන පාලන මිල කිසිදු අයුරකින් වෙනස් නොවන බව  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya