ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පැමිණිලි සහිත විදේශ රැකියා ආයතනවල බලපත‍්‍ර අවලංගු කෙරේ Featured

    නොවැම්බර් 06, 2016
    විදේශ රැකියා ක්ෂේත‍්‍රයේ ගෞරවාන්විත බව ඇති කිරීමේ අරමුණින් පහුගිය වසරදෙක ඇතුලත වැඩිම පැමිණිලි ප‍්‍රමාණයක් තියෙන විදේශ රැකියා නියෝජිත ආයතනයන් මෙන් ම ක්‍රියාත්මක නොවන ආයතනයන්හි බලපත‍්‍රය අවලංගු කිරීමට කටයුතු කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සඳහන් කළාය.
     
    අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ පසුගිය දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    හතු පිපෙන්නාක් මෙන් විදේශ රැකියා නියෝජිත ආයතන බිහිවීමට ඉඩ නොදිය යුතු බවත් පෙන්වා දෙන අමාත්‍යවරිය හොඳ නියෝජිතායතන 500ක් 600ක් ප්‍රමාණවත් බවත් පෙන්වා දෙයි.
     
    මේ වන විට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වූ රැකියා නියෝජිත ආයතන 3000ක් පමණ ඇති බවත් මේ දේවල් ගෞරවාන්විතව කරන අය සිටින බවත් ඒ මිනිස්සුන්ටත් මේය ප්‍රශ්නයක් බවත් අමාත්‍යවරාය පෙන්වා දුන්නාය.
     
    "කොමිස් මුදල් ගන්න එකත් තහනම් කරලා තියෙනවා. කවුරු හරි කොමිස් මුදල් අරන් තිබුණොත් බලාගන්න පුළුවන් පැමිණිලි විභාග කරන්න ආවම. අපි උප ඒජන්තවරු තහනම් කළා. ගම්වල තවමත් කට්ටියව හොයාගෙන යනවා. හැබැයි අපිට අහුවුණොත් අත්අඩංගුවට ගන්නවා. ඉදිරියේ දී උප ඒජන්තවරු යොදවන ඒජන්සි ආයතනත් අපි තහනම් කරනවා"යැයි ද පැවසුවාය.
     
    2018 වසර වන විට විදේශ රැකියා සඳහා ඉංගි‍්‍රසි අනිවාර්ය විය හැකි බවත් එසේ ඉංග්‍රීසි භාෂාව අනිවාර්යය කරන්නේ ලංකාවේ ගෘහ සේවිකාවන්ට, පුහුණු ශ‍්‍රමිකයින්ට වටිනාකමක් ලබාදීමේ අරමුණින් යැයි ද අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
     
    මෙම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කි‍්‍රයාකාරී අධ්‍යක්‍ෂක, මාධ්‍ය ප‍්‍රකාශක නීතීඥ උපුල් දේශපි‍්‍රය, බලපත‍්‍ර හා මිනිස් ජාවාරමට එරෙහි කාර්යාංශ විශේෂ ඒකකයේ කළමණාකාරීනී නීතීඥ ශ‍්‍රීමල් කහතුඩුව මහත්වරු සහ බලපත‍්‍රලාභී රැකියා නියෝජිත ආයතනයන්හි නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya