ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    උ/පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ්

    නොවැම්බර් 10, 2016
    අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසු සිසුවියන්ට හා ගුරුවරුන්ට ටැබ් ලබාදීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
     
    2017 වසරේ විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම අද (10) පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරමිනි.
     
    ඒ අනුව උසස් පෙළ සිසු සිසුවියන් 175,000කට හා ගුරුවරු 20,000කට ටැබ් ලබාදීමට රජයේ අපේක්ෂාව වී ඇත.
     
    එමෙන් ම ඒ සඳහා දක්වන සහයෝගයක් ලෙස දුරකතන සේවා සමාගම්වලින් නිදහස් අන්තර්ජාල පහසුකම් ලබාදීමට තමන් ආරාධනා කරන බවද මුදල් අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
     
    2017 වසරේ විසර්ජන පනත කෙටුම්පතින් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා රුපියල් මිලියන 17840ක මුදලක් වෙන් කිරීමට යෝජනා වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya