ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    අනතුරු නිවාරණය පිළිබඳ ජාතික සතියක්

    නොවැම්බර් 11, 2016

    ජාතික අනතුරු නිවාරණ සතියේ දී පාසල් බස් රථ සහ මගී ප‍්‍රවාහන බස් රථවල රියදුරන්ගේ අක්ෂි ආබාධ කෙරෙහි ද අවදානය යොමු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ පවසයි.

    ජාතික අනතුරු නිවාරණ සතිය ප‍්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (10) සෞඛ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවති අතර එහිදී ඒ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

     

    එහිදී 2016 නොවැම්බර් මස 15 සිට 18 වන දින දක්වා අනතුරු නිවාරණය පිළිබඳ ජාතික සතියක් ක‍්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු වැළැක්වීම පිළිබඳ කේන්ද්‍රීය ඒකකය වන බෝනොවන රෝග අංශය විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ.

     

    ඒ අනුව ජාතික අනතුරු නිවාරණ සතිය දින 04 ක් පුරා දීප ව්‍යාප්තව පවැත්වීමට කටයුතු යොදා තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්  "මාර්ග අනතුරු නිසා විපතට පත්වූවන් සැමරීමේ ලෝක දිනය” ලෙස නොවැම්බර් මස 03 වන ඉරිදා ප‍්‍රකාශයට පත් කර තිබෙන බවත් මහීපාල මහතා පෙන්වා දුන්නේය.

     

     එම දිනයට සමගාමීව මෙම සතිය ක‍්‍රියාත්මක කරන බව පෙන්වා දුන් ඒ මහතා වර්තමානයේ දිනකට මාර්ග අනතුරු 06 ක් 08 ක් සංඛ්‍යාවක් සිදු වන බව ද සඳහන් කළේය.

     

    මෙම සතිය තුල දී මහජනතාව දැනුවත් කිරීම, අනතුරු සිදුවීෙමි අවදානමක් ඇති ස්ථාන පරීක්ෂා කිරීම, ඉදිරියේ දී අනතුරු ඇතිවීෙමි අවදානම අවම කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිර්ඝ කාලීන ක‍්‍රීයාමාර්ග ගැනීමට ද අපේක්ෂා කරයි. මෙම සතිය නොවැම්බර් මස 15 සිට 18 දක්වා ක‍්‍රීයාත්මක කෙරෙන අතර, 15 වනිදා පාසල් සහ පෙරපාසල් සුරක්ෂිත දිනය ලෙස ද, 16 වන දා රාජකාරී ස්ථාන සුරක්ෂිතතා දිනය ලෙස ද, 17 වන දා ගෘහස්ථ ආරක්ෂිතතා දිනය ලෙස ද, 18 වනිදා මාර්ග සුරක්ෂිතතා දිනය ලෙස ද වෙන් කර තිබේ.

     

    2016 වර්ෂයේ මුල් මාස 06 තුළ දී මූලික රෝහල් සහ ඉහළ මට්ටෙමි රෝහල් වලින් ලබාගත් හදිසි අනතුරුවලට අදාළ දත්තවලට අනුව අනතුරුවලට ගොදුරුවූවන් පිළිබඳ ස්ත‍්‍රී පුරුෂ අනුපාතය 1:2 කි. (සියයට 34 ක් ස්ත‍්‍රී සියයට 66 පුරුෂ) වාර්තා කරන ලද සියලුම අනතුරුවලට අනුව සත්ත්ව සපාකෑම් සියයට 29.9 කි. ප‍්‍රවාහන අනතුරු ( මාර්ග අනතුරු දුම්රිය අනතුරු සහ ජලයේ ප‍්‍රවාහන අනතුරු) සියයට 17.6 කි. වැටිම් සියයට 16.9 කි. කැපීම් සහ ඇනීම් සියයට 11.1 කි.

     

    එමෙන්ම අනතුරු හේතුවෙන් වාර්තා වූ මරණ දෙස බැලීමේ දී ප‍්‍රවාහන අනතුරු හේතුවෙන් සියයට 29 ක් ද, වැටිම් හේතුවෙන් සියයට 09 ක් ද, විෂවීම් හේතුවෙන් සියයට 09 ක් ද, සියදිවි හානිකර ගැනීම් හේතුවෙන් සියයට 09 ක් ද, ස්වභාවික බලෙවිග නිසා සියයට 08 ක් සහ දියේ ගිලීම් හේතුවෙන් සියයට 06 ක් වශයෙන් වාර්තා වේ.

     

    ශ‍්‍රී ලංකා පොලීසියේ වාර්තාවලට අනුව 2016.01.01 සිට 2016.09.03 දක්වා සිදු වූ මාර්ග අනතුරු දෙස බැලීමේ දි මරණීය අනතුරු 2019 ක් ද, බරපතල අනතුරු 6142 ක් ද, සුළු අනතුරු 11,132 ක් ද, දේපල හැනි 10,266 ක් ද,  ඒ අනුව මුළු අනතුරු 29630 ක් සහ සිදුව ඇති මරණ සංඛ්‍යාව 2207 කි.

     

    මෙම අවස්ථාවට බෝනොවන රෝග අංශයේ නිලධාරින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya