ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතේ කැබිනට් අනුකමිටුව රැස්වෙයි

    නොවැම්බර් 22, 2016

    පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පරීක්ෂා කිරීමට පත් කළ කැබිනට් අනුකමිටුව, පසුගියදා සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

    එම කැබිනට් අනුකමිටුවේ සභාපති පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙම රැස්වීමට රවුෆ් හකීම්, රිෂාද් බදුද්දීන් යන අමාත්‍යවරුන්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් එක්ව සිටියහ.

    මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉදිරිපත් කරන ලද තාක්ෂණික සහ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

    එමෙන්ම, පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව ද කැබිනට් අනු කමිටුව නීරික්ෂණ සහ නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

    ඒ අනුව, පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya