ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    රථ වාහන වැරැදි 7කට අවම දඩය රුපියල් 25,000ක්

    නොවැම්බර් 22, 2016

    2017 අයවැය යෝජනාවලිය මගින් යෝජනා කර ඇති පරිදි රථ වාහන වැරැදි සඳහා වූ දඩ මුදල් ක්‍රියාත්මක කිරීමට අදාළව තවත් සාකච්ඡාවක් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරු, පොලීසිය සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක් වූහ.

     

    දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව සියලු පාර්ශ්වයන්ගේ එකගත්වය මත ප්‍රධාන වැරැදි හතක් (07) ක් මෙහි දී හඳුනා ගනු ලැබිණි. ඒ සඳහා වන අවම දඩ මුදල රුපියල් 25,000 ක් දක්වා ඉහළ දැමිය යුතු බවට එකගතාවකට පැමිණි බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ය.

     

    අදාළ සාකච්ඡාවේ දී හඳුනා ගත් රථවාහන වැරැදි,

    01.    බීමත්ව රිය ධාවනය,
    02.    වලංකු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය,
    03.    වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයකුට රථ වාහන ධාවනයට ඉඩ සැලසීම,
    04.    අධික වේගය,
    05.    වම් පසින් ඉස්සර කිරීම,
    06.    දුම්රිය හරස් මාර්ග නීති උල්ලංඝනය කිරීම,
    07.    රක්ෂණ සහතිකය නොමැතිව රිය ධාවනය කිරීම.

     

    මෙම වැරැදි සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට මෙහි දී පොලීසිය වෙත උපදෙස් ලබා දෙන ලදී. පසුගිය වසර තුළ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීමේ අවස්ථා 50,000කට අධික සංඛ්‍යාවක් සහ බීමත්ව රිය පැදවීම් සම්බන්ධ වැරැදි 49,000ක් සම්බන්ධයෙන් පොලීසිය නීතියම පියවර ගෙන ඇතැයි මෙම සාකච්ඡාවේදී අනාවරණ විය.

     

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහි දී කියා සිටියේ මෙම දඩ මුදල් ඉහළ නැංවීම සිදු කරන්නේ කිසිසේත් ම ආදායම් අපේක්ෂාවෙන් නොවන බවයි.

     

    දිනෙන් දින ඉහළ යන මාරක අනතුරු සංඛ්‍යාව සහ අහිමි වන ජීවිත සංඛ්‍යාව පිළිබඳ සලකා බලමින් මෙම පියවර ගත් බව ද හෙතෙම අවධාරණය කළේ ය.  

     

    මෙම සාකච්ඡාවේ දී එකගත්වයට පැමිණි සංශෝධන ලබන 28 දා පැවැත්වෙන ප්‍රවාහන අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුර ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya