ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම්, පත්වීම් කඩිනම් කිරීමට ඇමැති උපදෙස්

    නොවැම්බර් 23, 2016

    වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම්, විශේෂ අභියාචනා සහ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලේඛණ කඩිනමින් සකස් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දී මෙම උපදෙස් ලබාදුන් අතර, වාර්ෂික ස්ථාන මාරුවීම් ලේඛණය සකස් කිරීම සදහා එම සංගමයේ යෝජනා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II)  වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාට ලබා දෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් ඇත. කිසිදු චෝදනාවක් එල්ලනොවන අයුරින් ලේඛණ සකස් කරන ලෙසත්, සියලුම රෝහල්වලට අවශ්‍ය වෛද්‍යවරුන් ලබාදීමට පියවර ගන්නා ලෙසත්, සෞඛ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

     

    මෙහිදී වාර්ෂික ස්ථාන මාරුවීම් මණ්ඩල පත් කිරීම, වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල් වලට ඇතුළත් කර ගැනීම පිළිබදව ද සාකච්ජාවට ලක් කෙරිණි. අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයින්ගේ බදු අය කිරීමේ වැඩපිළිවෙළට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙහිදී විරෝධය පළ කර තිබේ. ඒ පිළිබඳව මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන්ට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya