ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ ලෝකඩ පදක්කම යාපනයට

    නොවැම්බර් 23, 2016

    පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලිය මලයාසියාවේදී පවත්වන ලදී. එහිදී 58KG ඛාණ්ඩය යටතේ පැවති තරගයෙන් තෙවෙනි ස්ථානය දිනාගෙන ලෝකඩ පදක්කම හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ යාපනයේ චුන්ඩුකුලී බාලිකා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන V.අර්ශිකා සිසුවියයි.

    යාපනය Y.M.C.A උත්සව ශාලාවේදී අභි නන්දනීය උළෙලක් යාපනය දිස්ත්‍රික් බර උසුලන්නන්ගේ සංගමය මගින් සංවිධානය කර තිබූ අතර එහිදී මෙම ශිෂ්‍යාව මෙන්ම තවත් පාසල්  ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කුසලතා ඇගයීමක් ලක් කෙරුණු අතර  ඔවුනට සමරු ඵලක ද  පිරිනැමීමක් සිදු විය.

     

    තවද මෙහි විශේෂත්වය වනුයේ ඇයගේ පුහුණුකරු වී ඇත්තේ ඇයගේ පියා වන විජයශංකර් ආශියා මහතාය. එහිදී මොවුන් දෙදෙනාටද  විශේෂ ගෞරව සම්මාන පිඳීමක්ද සිදු කෙරිණි.

     

    මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූයේ උතුරු පළාත් ආණ්ඩුකාරවර  රෙජිනෝල්ඩ් කුරේ මහතා වන අතර උතුරු පළාත් ක්‍රීඩා හා අධ්‍යාපන අමාත්‍ය T. කුරුකුලරාසා මහතා අතින් ඔවුන් දෙදෙනාට විශේෂ සමරු තිළිණයක්ද ලබාදුණි.

     

    මෙම උත්සව අවස්ථාවට උතුරු පළාත් සභා මන්ත්‍රී  E. ආනොල්ඩ්, උතුරු පලාත් ආණ්ඩුකාර ලේකම් L.ඉලංගෝවන්, ආණ්ඩුකාරවර පුද්ගලික ලේකම් J.M සෝමසිරි, යාපනය දිස්ත්‍රික් ක්‍රීඩා අධ්‍යක්ෂක විජිතරන් යන මහත්ම මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya