ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    සියලු ජාතීන්ට සමඟියෙන් ජීවත්විය හැකි රටක් නිර්මාණය කරනවා- අධිකරණ ඇමැති

    නොවැම්බර් 24, 2016

    ජනතාව වත්මන් රජය බලයට පත් කිරීමේ මුලික අරමුණ වුයේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කර සියලු ජාතීන්ට  සාමයෙන් සමගියෙන් ජීවත්වීය හැකි රටක් නිර්මාණය කර ගැනීමට බවත් ඒ වෙනුවෙන් රජය කැප වී කටයුතු කරන බවත් බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    මුස්ලිම් ආගමික නායකයින් සමඟ ඊයේ (23)  අධිකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    රජයක් වශයෙන් ජනතා අවශ්‍යතා ඉටු කිරීම අපේ මුලික වගකීමක් හා යුතුකමක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ රටේ ජීවත් වන සිංහල මුස්ලිම් දෙමල මැලේ බර්ගර් සියලු ජනතාවට මේ රටේ ජීවත් වීමට අවශ්‍ය බවත් පෙන්වා දුන්නේය.

     

    ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

    "මේ සියලු ජනතාව දිර්ඝ කාලයක් පුරා තම තමන්ගේ භාෂා කථා කරමින් ආගම් අදහමින් ජීවත් වුණා.තමන්ගේ  ආගම ඇදහීම අපේ රටේ පුරවැසියන්ට තිබෙන අයිතියක් .එය මේ රටේ හැම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකින්ම ආරක්ෂා කරලා තිබෙනවා.

     

    යම් යම් දේශපාලන අවශ්‍යතා මත පසුගිය කාලයේ  ජනතාවට බියෙන් හා සැකෙන් යුතුව ජීවත් වෙන්න සිදු වුණා. ජනතාව අතර පවතින අනවබෝධය නිසා පසුගිය දිනවල අවිශ්වාසයක් ඇති වෙමින් පැවතුණා. අපි සාකච්ඡා මාර්ගයෙන් පවතින අනවබෝධය නැති කර ගත යුතුයි. යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් සාකච්ඡාවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව එක මේසයකට ඇවිත් ඒ ප්‍රශ්න අපිට විසදා ගත හැකියි.අද පැවති සාකච්ඡාව ඉතා සාර්ථකයි.ඉදිරියේදී අපි ආගමික කටයුතු භාර අමාත්‍යවරුන් සමග මාසයකට වරක් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

    අපි ඊයේ දිනයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා නියෝජනය කරනු ලබන සංගම් සමග සුහදව සාකච්ඡා කළා.එය සාර්ථකව සිදු වුණා.

    උන් වහන්සේලා එකගතාවයට ආවා  ප්‍රශ්න තිබෙනවා නම් සාමකාමීව විසඳාගත යුතුයි කියලා. ප්‍රශ්නවලට සාකච්ඡාවෙන් පිළිතුරු සෙවිය යුතු බවට එහිදී උන් වහන්සේලා සඳහන් කළා ." ඒ නිසා රජය ගෙන යන සංවර්ධන ගමන ජාතික ආගමික සංහිඳියාව ඇති කිරීමේ ගමන තවදුරටත් ශක්තිමත් කර ආරක්ෂා කිරීම සදහා සියලු දෙනාගේ සහාය අවශ්‍ය බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය .

    ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම්.අමීන්, සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානයේ මාධ්‍ය ලේකම් පාසිල් පාරුක් යන මහත්වරුන් ද මෙහිදි අදහස් දැක්වීය. පළාත් සභා මන්ත්‍රි අසාද් සාලී මහතා ඇතුළු මුස්ලිම් සංවිධාන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්දප්‍රේම ගමගේ ,බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවලදෙර යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya