ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    පාසල් අවට දුම්කොළ නිෂ්පාදන අලෙවිය තහනම් කිරීමට යෝජනාවක්

    නොවැම්බර් 25, 2016
    දිවයින පුරා සියලු ම පාසල් ආශ‍්‍රිත ව මිටර් 500ක් දක්වා දුරක දුම්වැටි සහ දුම්කොළ නිෂ්පාදන අළෙවි කිරීම තහනම් කිරිමට යෝජනා කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
     
    දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් ඊයේ (24) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හොටලයේ දී පැවැත් වූ දුම්කොළ භාවිතය අවම කිරීම පිළිබඳ වැඩමුළුවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි. 
     
    මේ වනවිට පාසල් ආශ‍්‍රිත ප‍්‍රදේශවල මත්පැන් අළෙවි කිරිම තහනම් කර ඇති බවත් ඒ ආකාරයට පාසල් අවට ප‍්‍රදේශවල දුම්කොළ නිෂ්පාදන අළෙවි කිරීම ද තහනම් කිරීමේ අවශ්‍යතාවයක් මතුව තිබෙන බවත් පුවක් සහ හුණු භාවිත කිරීමෙන් පිළිකා රෝගීන් වාර්තා වීම බහුල වී තිබෙන බැවින් ඒවාට එරෙහිවත් දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවත් පැවසීය.
     
    "ශ‍්‍රී ලංකාව දුම්කොළ භාවිතය අවම කිරිම සඳහා වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා. බදු ප‍්‍රතිශතය වැඩි කිරීම, ප‍්‍රසිද්ධ ස්ථානවල දුම්පානය නතර කිරිම, රූපමය අවවාද සිගරට් පැකට්ටුවට ඇතුළත් කිරීම ඒ අතර ප‍්‍රධාන වෙනවා. ඉදිරියේ දී සුදු පැහැති සිගරට් පැකට් වෙළෙදපොලට හදුන්වාදීමේ ක‍්‍රමවේදය ආරම්භ කරනවා. සිගරට් එක බැගින් අලෙවි කිරීම තහනම් කිරීමට ද පියවර ගන්නවා" යැයි ද පැවසීය. 
     
    මෙම අස්ථාවට සෞඛ්‍ය නියොජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ පාලිත මහීපාල, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකොන්, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්වරු ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරින් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya