ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    නවක ගුරුවරුන් 269ක් අධ්‍යාපන පද්ධතියට

    දෙසැම්බර් 01, 2016

    නව ලොවට ගැළපෙන පරිදි හා ජාතික හා ජාත්‍යන්තර අවශ්‍යතා සපුරාලිය හැකිවන පරිදි දේශිය අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කළ යුතු බවත් ඒ සඳහා තාක්ෂණවේදය රට තුළ ප්‍රචලිත කිරීමට හා සිසුන්ට එම ක්ෂේත්‍රවලින් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා පුළුල් කිරීමට පියවර ගන්නා බවත්  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

     අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති නව තාක්ෂණ විෂයය ධාරාවට හා නාට්‍ය හා රංග කලාව විෂයට අදාළව ගුරු පත්වීම් පිරිනැමීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ඊයේ (30) සඳහන් කළේය.

    ජාතික පාසල් සඳහා ගුරුවරුන් 132 ක් හා පළාත් පාසල් සදහා ගුරුවරුන් 137 ක් වශයෙන් නවක ගුරුවරුන් 269 දෙනෙක් සිය පත්වීම් ලිපි ලබාගත්හ. කෘෂිකර්මය හා භෞතික විද්‍යාව විෂයක් ලෙස හැදැරූ උපාධිධාරීන් සඳහා 2015 නොවැම්බර් මස පැවැත්වූ තරග විභාගයෙන් සමත් වූ අයදුම්කරුවන් 213 දෙනෙක් ඔවුන් සිටිති. මීට අමතරව අධ්‍යාපනවේදී උපාධිධාරීන් 56 දෙනෙක් ද නාට්‍ය හා රංග කලා  ගුරුවරුන් ලෙස අධ්‍යාපන පද්ධතියට එක්වූහ.

    මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya