ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    2017 දී මාර්ග නීති තදින්ම - සෞඛ්‍ය ඇමැති Featured

    දෙසැම්බර් 09, 2016
    ලබන වසරේ සිට මාර්ග නීති පද්ධතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් දඩ මුදල් පිළිබඳ ව වූ නීතිරීති එලෙසින්ම ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය හා පෝෂණ, දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (09) ශ්‍රී ලංකාවේ අනතුරු හා හදිසි ප්‍රතිකාර පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම වෙනුවෙන් පැවැති උත්සවයට සහභාගි වෙමිනි.
     
    මෙම ප්‍රතිපත්තිය ඉදිරිපත් කොට වසර 3ක් ඇතුළත අනතුරු 30%කින් අවම කිරීමට කටයුතු කරන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා රජයක් ලෙස බෝ නොවන රෝග අවම කළ යුතුයි කියන පැහැදිලි ප්‍රතිපත්තියක සිටින බවත් පෙන්වා දුන්නේය.
     
    අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකක 28ක් පිහිටුවීම සඳහා රජය ක්‍රියාත්මක වී ඇති බවත් ඉන් 04ක කටයුතු මේ වන විට අවසන් ව ඇති බවත් කී අමාත්‍යවරයා ඒකක 14ක කටයුතු ක්‍රියාත්මක මට්ටමේ පවතින බවත් ඉතිරි ඒකක 10හි ඉදිකිරීම් කටයුතු ඉදිරියේ දී සිදු කරන බවත් කීය.
     
    දැනට ඉන්දීය රජය සමඟ ඇතිකරගත් ගිවිසුමක් අනුව ගිලන් රථ 100ක පමණ සේවවක් කොළඹ සහ දකුණු පළාත කේන්ද්‍රකරගනිමින් ආරම්භ කොට ඇත. ඉදිරියේ දී මෙම වැඩපිළිවෙළ රට පුරා ක්‍රියාත්මක කෙරේ. රටේ පවතින්නාවු මාර්ග තදබදය හේතු කොටගනිමින් ගුවනින් පවා හදිසි අනතුරක් අවස්ථාවකදී රෝගීන් රෝහල්කරා ගෙනයාමට ගුවන් ගිලන් රථ සේවයක් ආරම්භ කිරීමට ආර්ථික කමිටුව යෝජනා කොට තිබේ යැයි ද අමාත්‍යවරයා කීය.
     
    අති විශිෂ්ට වූ අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවාවක් ඇති ජාතියක් බවට පත්වීමේ දැක්මෙන් යුතු ව මෙම ප්‍රතිපත්තිය එළිදැක්වීම සිදු කෙරිණි.
     
    සෞඛ්‍ය ආයතනව  මට්ටමට ගැලපෙන පරිදි දිවයින පුරා රජයේ සෞඛ්‍ය ආයතනවල අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවාවන් ස්ථාපිත කිරීම, පෞද්ගලික අංශයේ දායකත්වය වැඩිකිරීම සහ පෞද්ගලික අංශයේ රෝහල්වල අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවාවන්වල ප්‍රමිතිය වැඩිදියුණු කිරීම, එක් එක් මට්ටම්වලට ගැලපෙන පරිදි අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවාවන් සඳහා නිර්ණායකයන් සකස් කිරීම, අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවාවන් පිළිබඳ ව සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල හැකියාවන් වර්ධනය කිරීම, පූර්ව රෝහල් සේවාවන් ස්ථාපනය කිරීම, අනතුරු හා හදිසි ප්‍රතිකාර පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ සවිබලගැන්වීම, මහජනතාව හා රෝගීන් තුළ අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවාව පිළිබඳ ව වගකීම, කැපවීම, ගුණාත්මකභාවය ඉහළ නැංවීම, අනතුරු හා හදිසි ප්‍රතිකාර පිළිබඳ තොරතුරු පද්ධතියක් ජාතික මට්ටමේ ස්ථාපිත කරනු ලබන කළමනාකරණ තොරතුරු පද්ධතියක් මගින් අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවාව අධීක්ෂණය කිරීම සහ ඇගයීම හා අනතුරු හා හදිසි ප්‍රතිකාර පිළිබඳ සංවර්ධන හා පර්යේෂණ දිරිගැන්වීම සිදු කෙරෙනු ඇත.
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසීම් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya