ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    හදිසි අනතුරුවලට ලක්වන රෝගීන් ගුවන් මගින් රෝහල් වෙත ගෙනඒමේ වැඩපිළිවෙළක්

    දෙසැම්බර් 10, 2016

    ජර්මනියේ ක‍්‍රියාත්මක ගුවන් මගින් හදිසි අනතුරුවලට ලක්වන රෝගීන් රෝහල්වලට රැගෙනඒමේ වැඩපිළිවෙළක් පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට දැනුම් දී තිබෙන බවත් තමා පසුගිය කාලයේ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ආර්ථික කමිටුවට ගුවන් මගින් රෝගීන් ඒමේ යෝජනාව ඉදිරිපත් කළ බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

    හදිසි අනතුරුවලින් වසරකට 25,000ක් මිය යන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ලබන වසරේ සිට මාර්ග භාවිත නීතිරීති පද්ධතිය තදින් ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

     

    ශ‍්‍රී ලංකාවේ අනතුරු හා හදිසි ප‍්‍රතිකාර පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සවය ඊයේ  (09) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ  "නුග සෙවණ" ශලාවේ දී පැවති අතර එහිදී අමාත්‍යවරයා පැවසීය.

     

    ශ‍්‍රී ලංකාවේ පවතින වාහන තදබදය නිසා රෝගීන් කඩිනමින් රෝහල්වලට රැගෙනඒමට ඇති එකම විසඳුම ගුවන් මගින් අනතුරුවලට ලක්වන රෝගීන් ගෙනඒමයි. රෝගියෙකුගේ ස්වර්ණමය පැය තුළ රෝගියා රෝහල්වලට ඇතුළත් කළ යුතු බවත් හදිසි අනතුරුවලින් පීඩා විදින ජනතාවට එය පිටිවහලක් වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya