ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සා/පෙළ ඇගයීම් ජනවාරී 2 සිට

    දෙසැම්බර් 25, 2016

    අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා ලක්ෂ 158 ඉක්ම පිළිතුරු පත්‍ර ප්‍රමාණයක් විභාග දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව විභාග කොමසාරිස් ජනරාල්  ඩබ්ලිව්. එම්.එන්. ජේ. පුෂ්ප කුමාර මහතා සඳහන් කරයි.

    පිළිතුරුපත්‍ර ඇගයීම සඳහා 62,000ක පමණ කාර්ය මණ්ඩලයක් යොදා ඇති අතර පිළිතුරුපත් ඇගයීම අදියර දෙකක් යටතේ සිදු කිරීමට නියමිතය.

    ඒ අනුව පළමු අදියර ය‍ටතේ පිළිතුරුපත්‍ර ඇගයීමේ කටයුතු නගර 55ක පිහිටි පාසල් 87කදී පැවැත් වේ. එහිදී පළමු අදියරයේ ඇගයීම් කටයුතු සඳහා 2017.01.02 සිට 13 වැනි දක්වා සිදු කෙරෙන අතර ඒ සඳහා සම්පූර්ණයෙන් වසනු ලබන පාසල් සංඛ්‍යාව 68ක් වේ.

    පාසල් පවත්වන අතරතුරු වසා තැබෙන පාසල් සංඛ්‍යාව 19කි. පළමු අදියරේ ඇගයීම් කටයුතු සඳහා යොදා ගනු ලබන පාසල් ලබන ජනවාරී 02 වැනි දින ආරම්භ නොවන අතර එම පාසල් ලබන 16 වැනි දින නැවත ආරම්භ වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya