ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ආර්ථිකය අපනයන දෙසට දිශාගත කරනවා - ඉහළ පන්තිවලට වෘත්තිය කුසළතාව ලබාදෙන්නේ කෙසේ දැයි සොයා බලනවා

    මැයි 03, 2017

    ආර්ථිකය අපනයන දෙසට දිශාගත කරන්න උත්සහ කරන බවත් තාක්ෂණය මුලික කරගත් උපාධි ලබාදෙන්න කටයුතු කරන බවත් ඉහළ පන්තිවලට වෘත්තිය කුසළතාව ලබාදෙන්නේ කෙසේ දැයි සොයා බලන බවත්අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී එන්.ශිවනේෂන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    මෙය වැදගත් කාරණයක්. ඉංග්‍රීසි දැනුම හා තාක්ෂණික දැනුම නැති පුද්ගලයන් නොමැතිවීම ගැටළුවක්. මෙය දකුණු ආසියාවේ තිබෙන ගැටළුවක්. මේ සුදුසුකම් තිබෙනවා නම්, හොඳ වැටුපකට රැකියාවක් ගන්න පුළුවන්. අපේ ආර්ථිකය අපනයන දෙසට දිශාගත කරන්නයි උත්සහ කරන්නේ. පාසල් විෂය ධාරාවේ තාක්ෂණික විෂය හඳුන්වා දී තිබෙනවා. අපේ පාසලෙන් ම වෘත්තීය දැනුම ලබාදීම හොඳයි. පාසල තුළම කුසළතා ලබාදෙනවා නම් හොඳයි.

    තාක්ෂණය මුලික කරගත් උපාධි ලබාදෙන්න කටයුතු  කරනවා. සහන දායි ණය ලබාදෙන්න අපේ රජයෙන් බලාපොරොත්තු වෙනවා.ඉහළ පන්ති වලට වෘත්තිය කුසළතාව ලබාදෙන්නේ කෙසේ දැයි සොයා බලනවා. උත්සහ කරන්නේ නිසි රැකියාවක් ලබාදෙන්නට කටයුතු කරන්නයි යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya