ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    විශේෂ හමුදාවක් ඇති කරන්නට වුවමනාවක් නෑ - අග්‍රාමාත්‍ය Featured

    මැයි 03, 2017

    විශේෂ හමුදාවක් ඇති කරන්නට වුවමනාවක් නෑ. කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වී තිබෙන්නේ, අත්‍යවශ්‍ය සේවා කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලයි. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානිය ලෙස පත් කරන්නට කැබිනට් මණ්ඩලයේ තීරණයක් අරගෙන නෑ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය. ත්‍රිවිධ හමුදාවේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීමේ කැබිනට් යෝජනාවක් තිබූ බවට පළ වූ ප්‍රකාශ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා, අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ ය.

    ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානිය ලෙස පත් කරන්නට කැබිනට් මණ්ඩලයේ තීරණයක් අරගෙන නෑ.අපේ නීතිය අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පත් කරන්නට තිබෙන්නේ,නීතිය අනුවයි.

    සරත් ෆොන්සේකා මැතිතුමා මේ රටේ ඇමැතිවරයෙක්.එතුමා දක්ෂකම් පෙන්නුවා. කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමක් තිබෙනවා.ජනාධිපතිතුමා ත්විධ හමුදාවේ ප්‍රධානියා වන්නේ. දැනට තිබෙන නීතිය අනුවයි ක්‍රියා කරන්නේ, නීතිය වෙනස් කරන්න තීරණයක් ගෙන නෑ. අපි කතා කළේ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම ගැන පමණයි.

    එතුමාගේ කටයුතු පිළිබඳ ප්‍රසංශා කර තිබෙනවා, කැබිනට් මණ්ඩලයෙන් පිට. කැබිනට් මණ්ඩලයේ දේවල් කියන්න බෑ. තීරණය ගැන කියන්න පුළුවන්.එහෙම තීරණයක් අරගෙන නෑ.කැබිනට් මණ්ඩලයකට විවිධ යෝජනා එනවා. පවතින නීතිය අනුවයි පත් කරන්න පුළුවන්. කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වී තිබෙන්නේ අත්‍යවශ්‍ය සේවා කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා.විශේෂ හමුදාවක් ඇති කරන්නට වුවමනාවක් නෑ. ඒ පිළිබඳව කතා කර නෑ. හමුදාව දියුණු කරන්න, රටේ ආරක්ෂාව වෙනුවෙන් රජය ක්‍රියා කරන්නේ. එතැනින් අපි ඈත්වෙලා නෑ යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya