ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ තොරතුරු පනතට ලෝක බැංකුවෙන් පැසසුම් Featured

    මැයි 05, 2017

    ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ තොරතුරු පනත බලගැන්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට සහ ශ්‍රී ලංකාවේ තොරතුරු කොමිසමට ලෝක බැංකුවේ පැසසුම් හිමි වී තිබේ.

    ශ්‍රී ලංකාව තොරතුරු පනත හඳුන්වාදීම පිළිබඳව සහ  තොරතුරු කොමිෂම පිහිටුවීමට කටයුතු කිරීම සම්බන්ධව ලෝක බැංකු නියෝජිතයින්ගේ පැසසුමට ඇමති ගයන්ත හා එම කොමිෂමේ නිළධාරීන් ලක්වූහ.

     

    දිවයිනට පැමිණ සිටින ලෝක බැංකුවේ Equitable Growth Finance & Institutions (EFI) ආයතනයේ උප සභාපති ජෑන් වෙලිසර් (Jan Walliser) මහතා ඇතුළු නියෝජිත පිරිස  සහ අමාත්‍යවරයා ප්‍රමුඛ තොරතුරු කොමිසමේ සමාජිකයන් අතර සාකච්ඡාවක් ඊයේ (04) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී සිදු කෙරුණි.

     

    එහිදී ශ්‍රී ලංකාවේ තොරතුරු කොමිසම හා තොරතුරු පනත පිළිබඳව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම ඒ සඳහා ලෝක බැංකුවේ දායකත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර මෙම පනත ලෝක බැංකු නියෝජත පිරිසගේ පැසසුමට ද ලක්විය.

     

    මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ උපදේශක ජයතිස්ස රණසිංහ සහ අලුතින් ඇතිකල තොරතුරු කොමිෂමෙහි නිළධාරීන් එක්වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya