ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    හැටන් දික්ඔය රෝහල ජනතා අයිතියට

    මැයි 12, 2017

    ඉන්දීය රජයේ පරිත්‍යාගයක් අනුව රුපියල් මිලියන 1200 ක වියදමින් අංගසම්පූර්ණ මූලික රෝහලක් ලෙස ඉදිකරන ලද හැටන්, දික්ඔය මූලික රෝහල ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතින් අද (12) දහවල් ජනතා අයිතියට පැවරිණි.

    මහල් තුනකින් යුත් මෙම රෝහලේ නව වාට්ටු සංකීර්ණය ඇඳන් 150කින් සමන්විත වන අතර වෛද්‍ය උපකරණ අංශය, බාහිර රෝගි අංශය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ බාහිර සායන, හදිසි ප‍්‍රතිකාර ඒකකය, මාතෘ වාට්ටු සංකීර්ණය, දැඩි සත්කාර ඒකකය, සුතිකාගාරය හා ඊට අදාළ උපකරණ සේවා අංශයක් සහ ශල්‍යාගාර දෙකක් ද රෝහලට ඇතුළත් වේ.

    මීට අමතරව ලේ බැංකුවක්, ගිනි නිවන උපකරණ පද්ධතියක් සහ නිල නිවාස සංකීර්ණ දෙකක් ද ඇතුළුව මූලික රෝහලකට අවශ්‍ය සියලු පහසුකම් මීට ඇතුළත්ය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා අතින් නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට පැවරිණි.

    ඉන් අනතුරුව හැටන්,නෝර්වුඩ් කී‍්‍රඩාංගණයේ පැවති ජන හමුව අමතමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේ සිංහල, මුස්ලිම්, දෙමළ සියලූ ජනතාවගේ ගැටලු සමාජ සාධාරණත්වය තුළ විසඳිය යුතුයි යන්න තම ආණ්ඩුව පිළිගෙන තිබෙන බවයි.


    ජාතික සමගිය ගොඩනගා සංහිඳියාව ශක්තිමත් කිරීම රජයේ ප‍්‍රමුඛ කාර්යයක් වන අතර ඒ සඳහා තම රජය කැපවී සිටින බව සඳහන් කළ ජනාධිපතිතුමා සියලු ජන කොටස් සඳහා සමාජ සාධාරණත්වය ඉටු කරමින්, ජාතික සංහිඳියාව ශක්තිමත් කර ලෝකයේ ප‍්‍රබල රටක් ලෙස ශී‍්‍ර ලංකා මාතෘ භූමිය ඉදිරියට ගෙන යාම වත්මන් රජයේ අරමුණ බව ද කියා සිටියේය.

    ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද  මෙහිදී ජන හමුව ඇමතීය.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය අර්ජුන රණතුංග, පී. දිගම්බරන්, මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය  පී. රාධක‍්‍රිෂ්ණන්, හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    4

     

    7

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya