ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දසවැනි වාර්ෂික අන්තර්ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය

    ජූලි 29, 2017
    රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දසවැනි වාර්ෂික අන්තර්ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය (10th International Research Conference - IRC) අගෝස්තු මස 03 සහ 04 යන දෙදින තුළ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ.
     
    “ගෝලීය පරිසරයේ ගතිකයන්ගේ වෙනස් වීම : අවස්ථා සහ අභියෝග” (“Changing Dynamics in the Global Environment: Challenges and Opportunities”) යන තේමාව යටතේ මෙවර අන්තර්ජාතික පර්යේෂණ ය සංවිධානය වේ. 
     
    මෙවර ඒ සඳහා ආරක්‍ෂක සහ ක්‍රමෝපායික අධ්‍යනය (Defence and Strategic Studies), ඉංජිනේරු (Engineering) සමාන්තර සෞඛ්‍ය විද්‍යාව (Allied Healthe Science), මූලික පරිසරය සහ අවකාශීය විද්‍යාව (Basic Environment and Spatial Sciences), නිතිය (Law), කළමණාකරණය ( Management) සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍ර (Social Sciences and Humanities), වෛද්‍ය (Medicine ) සහ පරිඝණක (Computing) යන විෂයය ක්‍ෂේත්‍ර තුල පවත්වන සම්මන්ත්‍රණ සැසිවාර නවයක් තුල නව පර්යේෂණ නිබන්ධන 365ක් ඉදිරිපත් කිරීමට නියමිතවේ. එයට අමතරව ශ්‍රී ලංකාවේ වෙනත් විශ්ව විද්‍යාල මගින් ඉදිරිපත් කරන පර්යේෂණ නිබන්ධන රැසක් ද මෙහිදී ඉදිරිපත් කිරිමට නියමිතය.
     
    මෙවර සම්මන්ත්‍රණය සංවිධානය කිරීම වෙනුවෙන් තාක්‍ෂණ හා පර්යේෂණ අමාතංශය හා ජාතික විද්‍යාපදනම ද කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සමග සහයෝගයෙන් ක්‍රියාකරයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya