ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන ඇමැතිගෙන් උපදෙස් Featured

    ඔක්තෝබර් 23, 2017

    පාසල්වල සංවිධානය කෙරෙන විවිධ උත්සව සඳහා ශාලා වෙන්කර ගැනීමේ දී ඇතැම් පාසල් විසින් වියදම් අධික රංග ශාලා වෙන්කරගැනීම අවම කළ යුතු බවත්, ඒ සඳහා සියලු පාසල් ප්‍රධානීන් දැනුවත් කර චක්‍රලේඛයක් නිකුත් කීරීමට අධ්‍යාපන ලේකම්වරයාට තමා උපදෙස් ලබා දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    බොරැල්ල රත්නාවලී බාලිකා විද්‍යාලයේ සිසු දක්ෂතා අගයමින් සංවිධානය කළ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     
    ඒ මහතා සඳහන් කළේ අගනුවර බොහෝ පාසල්වල උත්සව පැවැත්වීම සඳහා මිල අධික රංග ශාලා යොදාගැනීම පුරුද්දක් කරගෙන ඇති බවයි.

     මේ සඳහා අදාළ මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරගැනීමේ දී මව්පියන්ගේ දායකත්වය ලබාගැනීම හේතුවෙන් ඔවුන් දැඩි ආර්ථික අපහසුතාවන්ට මුහුණ දෙන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, එම තත්ත්වයට වහා විසඳුම් යෙදීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.

    පාසල්වල උත්සව පැවැත්වීම සඳහා ප්‍රමාණවත් ශාලා පහසුකම් නොමැති අවස්ථාවල  දී අදාළ පහසුකම්වලින් සමන්විත ප්‍රදේශයේ වෙනත් පාසල්වලින් අඩු පිරිවැයකින් යුක්තව ඒවා ලබාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගන්නා ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya